EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔන්න ඉතින් Cinesubz රසිකයන්ට අද අපි අරගෙන ආවේ මේ දිනවල කතාබහට ලක්වෙන අලුත්ම තෙළිඟු සිනමා අත්දැකීමක් ගැන විස්තර. ඒ තමයි 2026 වසරේ තිරගත වුණු Raakaasa (රාකාස)!
Fantasy, Comedy සහ Horror කියන Genre තුනම එකට අනාගෙන හදපු මේ චිත්‍රපටය දැන් cinesubz හරහා ඔබට නරඹන්න පුළුවන්.
කතාව ගෙතෙන්නේ වීරු (Veeru) කියන තරුණයා වටා. අවුරුදු 10ක් තිස්සේ ඇමරිකාවේ හිටපු වීරු නැවත ගමට එන්නේ තමන්ගේ ආදරවන්තිය වුණු සුකන්‍යා (Sukhanya) ව විවාහ කරගන්න. හැබැයි එයා ආපු වෙලාවේ ඉඳන් වෙන්නේ බලාපොරොත්තු නොවූ දෙයක්.
ගමේ බලකොටුවක් ඇතුලේ හිරවෙලා හිටපු, පරම්පරා ගණනාවක් තිස්සේ ගමේ අය බයෙන් වන්දනා කරපු “රාකාස” කියන භයානක බලවේගය වීරු අතින් නොදැනුවත්වම අවදි වෙනවා. එතැන් ඉඳන් මුළු ගමම අවුල් ජාලාවක් බවට පත්වෙන අතර, වීරුට සිද්ධ වෙනවා තමන්ගේ ආදරයයි, ගමයි දෙකම බේරගන්න මේ අද්භූත බලවේගය එක්ක සටන් කරන්න.
හිනාවෙන්න කැමති අයට: Vennela Kishore සහ Getup Srinu කියන සුපිරි කොමඩි නළුවන් දෙන්නා නිසා චිත්‍රපටයේ දෙවැනි භාගය හිනාවෙන්න පුළුවන්.
ඔබ වැඩිය ලොජික් හොයන්නේ නැතිව, නිවාඩු වෙලාවක හිත නිදහස් කරගෙන, ටිකක් බය වෙලා හිනාවෙන්න කැමති කෙනෙක් නම්, Raakaasa කියන්නේ නියම ” Movie” එකක්!
🎬 Cinesubz.net හරහා මෙවැනි අලුත්ම චිත්‍රපට සඳහා සිංහල උපසිරැසි සහ නවතම තොරතුරු ලබාගන්න නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටින්න. අලුත්ම Updates දැනගන්න අපේ Facebook Page එකට Join වෙන්නත් අමතක කරන්න එපා! 🇱🇰🔥
Cinesubz Family ට සැමට සාදරයෙන් ඇරයුම්! ❤️

Comments