EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Flavia (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bharat Nalluri
Year:2026
Subtitle By: උදාර සමරවික්‍රම (Baiscope.lk)
Cast
Go Full Cast Pageෆ්ලේවියා: අභිරහස් පරීක්ෂිකාව
Adventure, Comedy, Family, Mystery වැනි වර්ගීකරණ වලට අයත් මෙම නිර්මාණය Bharat Nalluriගෙ අධ්‍යක්ෂණයක්. Alen Bradley හා Susan Coyne තිර රචනයක් උනු මෙම චිත්‍රපටය IMDb 5.9ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා. ප්‍රධාන චරිතය විදිහට Molly Belle Wrightද සම්භාවනීය නළුවන් වන Jonathan Pryce හා Martine Freemanද මෙම නිර්මාණය සදහා සිය දායකත්වය සපයලා තියන අතර බ්‍රිතාන්‍යයේ Sky Cinema හරහා මෙම නිර්මාණය පසුගිය අප්‍රේල් 4 වෙනිදා විකාශය කරලා තියෙනවා.
කතාව දෙස හැරුනොත් වයස අවුරුදු 11 වුන පුංචි ෆ්ලාවියා ඉහල බුද්ධි මට්ටමක් හා තියුණු නිරීක්ෂණ හැකියාවක් ඇති කුඩා දැරියක්. ඇය කුඩා කලම ඇගෙ මව හැර ගොස් ඇති අතර ඇය රසායන විද්‍යාවට ඉතා ප්‍රිය කරණ සහ දක්ෂ කෙනෙක්. දිනක් රාත්‍රියක ඇගෙ පියාගෙ කාර්යාල කාමරයෙන් ඇහෙන කතාබහක ශබ්ධය විමසා බැලීමට යන පුංචි ෆ්ලාවියාට තම පියා නන්නාදුනන අයෙකු සමග බහින්බස්වීමක් නිරීක්ෂණය කරනවා. ඇය ඒම කතාබහට ඇහුම්කම් දීමට සූදානම් වනවිට ඇයගෙ නිවසේ උයන් පල්ලා පැමිණ ඇයව නැවත කාමරයට පිටත් කර හරිනවා. මධ්‍යම රාත්‍රියත් පසු වූ පසු තම උද්‍යානයේ ඇවිදින ෆ්ලාවියා හට නාදුන මළ සිරුරක් හමුවෙනවා. විපරම් කල බැලූ පසු ඒ් තම පියා සමග රාත්‍රියේ බහින්බස් වූ පුද්ගලයා බව තහවරු වෙනවා. ඉන් පසු මේ පිළිබදව පොලීසිය දැනුවත් කරන ෆ්ලාවියාට පසුව දැනගැනීමට හැකිවන්නෙ පොලීසිය විසින් තම පියාව මිණීමැරුමේ සැක කරුවෙකු ලෙස අත්අංංගුවට ගෙන ඇති බවත් ඒහි දී පියා විසින් කරන ලද පාපොච්චාරණයකට අනුව මිණීමැරුම් චෝදනා මත අධි චෝදනා කර එල්ලා මරා දැමීමට නියමිත බවත්ය.
නමුත් තම පියා නිර්දෝශී පුද්ගලයෙකු බවත් ඔහුට මිණී මැරීමේ හැකියාවක් නොමැති බවත් තරයේ විශ්වාස කරන පුංචි ෆ්ලාවියා පියාගේ නිර්දෝශී භාවය පොලීසියට ඔප්පු කිරීමට තනිව විමර්ෂණයක් අරඹනවා. ලැබෙන සියුම් හෝඩුවාවන් මතින් විවිධ තාර්කික උපකල්පණ ගොඩ නගමින් තම තීක්ෂණ බුද්ධියත් දැනුමත් පාදක කරගෙන පැටලුන නූල් බෝලයේ කෙළවරක සිට සෙමින් සෙමෙන් මනාව ලිහාගෙන ගැටළුව විසදීමට උත්සාහ දරමින් තම පියාට අසීමිත ස්නේහයක් ඇති ආදරණීය දියණීයකගෙ අපිරිමිත ධෛර්ය අධ්‍යක්ෂක වරයා විසින් මනාව නිර්මාණයට නගා තියනවා.
ඉතිං ෆ්ලාවියාගෙ පියා හමුවෙන්න ආව ආගන්තුකයා කවුද? ඔහු මොකටද පැමිණියේ? ඔහුව මරා දැමුවේ කවුද? තම පියාව බේරගන්න පුළුවන් වෙයිද විතරක් නෙමෙ තම මව කොහෙද යන සියළු ප්‍රශ්න වලට පිළිතුරු පැයයි විනාඩි 32ක මෙම සලෙරුව බලලා සොගා ගන්න කියලා මම ආරාධනය කරනවා.


