EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔන්න ඉතින් Cinesubz පවුලේ යාළුවෝ හැමෝටම අද අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණු, Horror රසිකයෝ අනිවාර්යයෙන්ම බලන්න ඕන සුපිරි නිර්මාණයක්. ඒ තමයි Uruguay සහ Argentina එකතුවෙන් හදපු The Whisper (El Susurro)!
මේක නිකම්ම Horror එකක් නෙවෙයි, හිතාගන්න බැරි තරම් Suspense එකක් තියෙන Supernatural Thriller එකක්. IMDb 6.8/10 ක අගයක් ලැබිලා තියෙන මේ චිත්‍රපටිය ඔයාගේ Watchlist එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න.
Lucía සහ Adrián කියන්නේ තමන්ගේ ප්‍රචණ්ඩකාරී තාත්තගෙන් බේරෙන්න පැනලා යන සහෝදරයෝ දෙන්නෙක්. ඔවුන් කැලෑවක් මැද තියෙන හුදෙකලා මන්දිරයක පදිංචියට යන්නේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න බලාපොරොත්තුවෙන්.
හැබැයි මේ සාමය වැඩි වෙලා තියෙන්නේ නැහැ. දවසක් ඔවුන්ගේ බළලා මනුස්සයෙකුගේ ඇඟිල්ලක් කටින් අරගෙන එනවා! 😨 එතැන් ඉඳන් Lucía හොයාගන්නවා තමන්ගේ අසල්වාසීන් කියන්නේ සාමාන්‍ය පිරිසක් නෙවෙයි, තරුණ ගැහැණු ළමයින් පැහැරගෙන යන භයානක අපරාධ ජාලයක් කියලා. මේ මනුස්ස දඩයම්කරුවන්ගෙන් බේරෙන්න සටන් කරන අතරේ, ඔවුන්ගේ පවුලට තියෙන ශාපයකුත් ඔවුන් පසුපස එන්න පටන් ගන්නවා…
ඉතින් Horror සහ Thriller වලට ආදරේ කරන අයට මේක සුපිරිම Choice එකක්. එක දිගට සීට් එකට ඇලිලා බලන්න පුළුවන් මේ නිර්මාණය මඟ හැරගන්න එපා! 👻🕯️
🔔 මෙවැනි අලුත්ම චිත්‍රපට, ටීවී සිරිස් සහ සිංහල උපසිරැසි ගැන තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ Cinesubz.net Facebook Page එකට Join වෙන්න. ඔයාගේ Movie පිස්සු තියෙන යාළුවන්ටත් මේක Share කරන්න අමතක කරන්න එපා! ❤️🎬

Comments