EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageහොර දෙයියෝ
ආයුබෝවන්, මේකත් මෙ වසර තුල නිකුත් උන ප්‍රේක්ෂකයින් ආදරෙන් වැළඳගත්ත ලස්සන මලයාලම් කොමඩියක්. මේ කාලෙ ගොඩක් මලයාලි චිත්‍රපටි නිකුත් වෙන්නෙ දෙවෙනි හෝ තෙවෙනි කොටස් හැටියට. ඒ වගේම ඒ සේරම පළමුවැන්නට වඩා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්න සමත් වෙලා තියෙනවා, ආඩු 3, වායා2 මේක වගේම ඉස්සරහට ද්‍රිෂ්‍යාම් 3ත් ඒ වගේම සාර්ථක වෙයි කියල හිතන්න පුළුවන්.
ඉතින් මේකෙ පළමුවැන්න 2024දී එච්චර කතාවට ලක් උනේ නෑ. සිනමා ශාලාවල ඒ තරම් ලොකු ප්‍රතිචාරයක් නොලැබුනත් OTT වේදිකාවේ නම් සැලකිය යුතු ජනප්‍රිය තාවයක් ලැබුනා. මම ඒකට කරපු උපසිරැසිය බයිස්කෝප් එකේ තියෙනවා. නොවරදවාම ඒක බලල ඉන්න එතකොටයි මේ දෙවැනි කොටස රස විඳින්න හැකි වෙන්නෙ.
ඉතිං මේ දෙවැන්න හාත්පසින් වෙනස් ප්‍රතිචාරයක් තමයි සිනම ශාලාවල ලැබුවෙ. ඒක මේ වසරේ හොඳ ආදායමක් ලබපු චිත්‍රපටයක් හැටියට සලකන්න පුළුවන්. ඒ වගේම කතාවත් පළවෙනි කොටසට වඩා ගොඩක් රසවත්.
සසි තමයි මේකෙ ප්‍රධාන චරිතය. එයාගෙ පවුල වටා තමයි මේ කතාව ගොඩ නැගෙන්නෙ. එයාගෙ තාත්තා භරතන් ටිකක් රළු චරිතයක්. රජයේ සේවකයෙක් හැටියට ඈත පළාතක වැඩ කරල විශ්‍රාම ලබල ජීවත් වෙනවා. සසී රැකියාවක් කරන්නෙ නෑ, ඔහු සමාජ සේවයේ නිරතවෙලා ඉන්නවා. ප්‍රදෙශයේ දේවාල කමිටුවේ ලේකම් ඔහු. ඔහුට විවාහක සහෝදරියන් දෙන්නෙකුයි බාල සහෝදරයෙකුයි ඉන්නවා. සැලකිය යුතු දේපළකුත් ඔවුන්ට තියෙනවා. භරතන් මරණාසන්න මොහොතේ රහසක් හෙලි කරනවා. ඒ ඔහුට වෙනත් පළාතක තවත් බිරිඳක් සහ දරුවෙක් සිටින බව. ඔහුගේ ඉල්ලීම අනුව ඔවුන් කැඳවා ගෙන ඒමට සසී කටයුතු කරනවා. සියළු දෙනාගේ විරෝධයක් ඔවුන් කෙරෙහි තිබුනත් පසුව දැන ගන්නේ සසීගේ මව සමග භරතන් නිත්‍යානුකූලව විවාහ වී නැති බවත් පසු කාලීනව අනෙක් කාන්තාව සමග විවාහ වී ඇති බවත්. කෙසේ වෙතත් සාම කාමීව එම පවුලද තමන් වෙත පිළි ගන්න සසීගේ පවුල අලුත් ජීවිතයකට මුළ පුරනවා. ඔය කිව්වේ පළවෙනි කොටසින් බිඳක්.ඉතිං මේ ඔවුන්ගේ ජීවිත වල අළුත් පරිච්ඡේදය පටන් ගන්න කොටම වෙන අලකලංචිය තමයි දෙවැන්නේ තියෙන්නේ.
සයිජි කුරුප් කියන විශිෂ්ඨ මලයාලි ප්‍රභසන නළුවාගේ ප්‍රධාන චරිතය රඟන මෙහි සූරාජ් වෙන්ජාරමුඩුත් සුපිරි රඟපෑමක් කරනවා. ජගධීෂ්, විනේ ෆෝර්ට්,කලාරන්ජනී, ශ්‍රීජා රවි,බේබි ජීන්, අභිරාම්,සෙසු චරිත රඟපානවා. අධ්‍යක්ෂණය ක්‍රිෂ්ණදාස් මුරලිගෙන්. එහෙනම් ටතවත් ලස්සන මලයාලි කොමඩියක් නරඹන්න.




