EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

නුඹේ ඇස් කතාකරයි

Akari කියන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වුණ කෙල්ලෙක්. ඒත් හදිසි කාර් ඇක්සිඩන්ට් එකකින් එයාගේ ජීවිතේම කණපිට පෙරළෙනවා. ඒ ඇක්සිඩන්ට් එකෙන් Akari ට එයාගේ ඇස් දෙකේ පෙනීම නැති වෙනවා විතරක් නෙවෙයි, එයාගේ අම්මයි තාත්තයි දෙන්නමත් එයාට නැති වෙනවා. ඒත් මේ කෙල්ල හරිම ශක්තිමත් කෙනෙක්. එයා ඒ හැමදේම දරාගෙන අලුත් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙනවා.
දවසක් Akari ට අහම්බෙන් Rui Shinozaki කියලා කොල්ලෙක්ව මුණගැහෙනවා. මෙයා කාර් පාර්ක් එකක වැඩ කරන කොල්ලෙක්. හැබැයි රුයි කියන්නේ නිකන්ම නිකන් කොල්ලෙක් නෙවෙයි, එයා හොඳ හැකියාවක් තියෙන හිටපු කික්බොක්සර් කෙනෙක්. හැබැයි Rui ගේ අතීත ජීවිතේ නම් එච්චර හොඳ නෑ. එයා අපරාධ වැඩවලට සම්බන්ධ වෙලා හිටපු නිසා, සමාජෙන් ටිකක් ඈත් වෙලා තනියම ජීවත් වෙන්න තීරණය කරපු කෙනෙක්.
මේ දෙන්නා හම්බුණාට පස්සේ Rui ආයේ කික්බොක්සින් වලට යන්න තීරණය කරණවා, ට්‍රේනින් කරනවා. ඔය අස්සේ මේ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා. ඒත් Rui ට එකපාරටම දැනගන්න ලැබෙනවා, Akari ගේ ඇස් පෙනීම නැති වෙන්න හේතු වුණ සිද්ධියට එයාගේ සම්බන්ධයකුත් තියෙනවා කියලා. ඒක දැනගත්තාම Rui ට මාර අවුල්. එයා හිතනවා කොහොමහරි මේකට වන්දි ගෙවන්න ඕනේ කියලා.
Akari ගේ ඇස්වල තත්ත්වේ ටික ටික නරක අතට හැරෙනවා. එයාට සර්ජරි එකක් කරන්න වෙනවා, හැබැයි ඒකට සෑහෙන ගාණක් යනවා. Akari ගාව එච්චර සල්ලි නෑ. මේ සේරම අස්සේ Rui ආයේ එයාගේ පරණ අඳුරු අතීතේ එක්ක පැටලෙනවා. අන්තිමට Rui තීරණය කරනවා Akari සර්ජරි එකට ඕන කරන සල්ලි ටික හොයාගන්න ලොකු මැච් එකකට ෆයිට් කරන්න.
මේ සිද්දිය මේ විදිහට මම කිව්වට මේක ඒ තරම් සරල එකක් නෙවෙයි, ගොඩක් දුක හිතෙන තැන් සහා සතුටු හිතෙන තැන්, ආදරණීය තැන් මේ හැමදේම එකතුවුණු ලස්සන අවසානයක් තියෙන කතාවක්. ඒ නිසා හැමෝටම මේක බලන්න කියලා මම Recommend කරනවා. එහෙනම් අපි ගියා!

Comments