EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මංකොල්ලයකට ගිය ජර්මන් රැප් තරුව

“Rhinegold” (ජර්මන් භාෂාවෙන් Rheingold) කියන්නේ 2022 අවුරුද්දේ තිරගත වුණු ජර්මන් චිත්‍රපටයක්. හැබැයි මේක අදටත් කතාබහට ලක්වෙන, Crime සහ Biography ගණයට අයිති වෙන සුපිරිම ෆිල්ම් එකක්! ජර්මනියේ ජනප්‍රිය රැප් ගායකයෙක් වුණු “Xatar” (Giwar Hajabi) ගේ ජීවිත කතාව තමයි මේකෙන් පෙන්නන්නේ.
මේ කතාවේ තියෙන ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ දැවැන්ත රන් මංකොල්ලය (Gold Heist). තමන්ගේ ණය බේරගන්න මෙයා යාළුවොත් එක්ක එකතු වෙලා දන්ත වෛද්‍ය කටයුතු වලට අරන් යන රත්තරන් පුරවපු වාහනයක් මංකොල්ල කනවා. මේ සල්ලි හංගලා එයා සිරියාවට පැනලා ගියත්, අන්තිමේදී හිරේ වැටෙනවා. කතාවේ මාරම කොටස තමයි, එයා හිරගෙදර ඉඳන් රහසින් තමන්ගේ පළවෙනි රැප් ඇල්බම් එක රෙකෝඩ් කරන එක. එතනින් තමයි එයා ජර්මනියේ දැවැන්තම Music Mogul කෙනෙක් බවට පත්වෙන්නේ.
අධ්‍යක්ෂණය: සම්මානනීය අධ්‍යක්ෂක Fatih Akin ගේ අධ්‍යක්ෂණයක්.
රංගනය: Xatar ගේ චරිතයට රඟපාන Emilio Sakraya ගේ රංගනයට හැමෝගෙන්ම ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.

Comments