EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageයුක්තියේ අරගලය
ඔන්න අද මම අරගෙන ආවේ 2026 ඉන්දියානු සිනාමවට පැමිණි System (2026) චිත්‍රපටයයි. බොලිවුඩ් සිනමාවේ නීතිය සහ අධිකරණය වටා ගෙතුණු කතාවලට කැමති අයට මේක හොඳ නිර්මාණයක් වේවි.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Ashwiny Iyer Tiwari විසින්. ප්‍රධාන චරිත සඳහා Sonakshi Sinha, දකුණු ඉන්දීය නිළි Jyothika සහ Ashutosh Gowariker රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්, නේහා රාජ්වන්ශ් කියන්නේ තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුලේ එකම නඩුවක්වත් දිනාගන්න බැරි වුණු රජයේ නීතිඥවරියක්. හැබැයි ඇයගේ පියා, රවී රාජ්වන්ශ් කියන්නේ ඉතාමත් දක්ෂ, ප්‍රසිද්ධ ආරක්ෂක නීතිඥයෙක්. නේහාට තමන්ගේ පියාගෙන් අභියෝගයක් ලැබෙනවා එක දිගට නඩු 10ක් දිනලා පෙන්වන්න කියලා. මේ කාලය ඇතුළත නේහාට උසාවියේ යතුරුලියනය කරන්නියක් විදියට වැඩ කරන සාරිකාව මුණගැහෙනවා. සාරිකාගෙන් ලැබෙන ඔත්තු සහ සාක්ෂි නිසා නේහා එක දිගට නඩු 9ක්ම ජයග්‍රහණය කරනවා. හැබැයි 10 වෙනි නඩුව ඇතුළෙදි නේහාගේ ප්‍රතිවාදී නීතිඥයා විදියට කටයුතු කරන්නේ ඇයගේම පියා. එතනින් එහාට කතාවේ ලොකු පෙරළියක් සිද්ධ වෙනවා.
මේක හුදෙක්ම සාමාන්‍ය උසාවි කතාවකට එහා ගිය, බලය සහ යුක්තිය ගැන කතා කරන වෙනස්ම විදියේ චිත්‍රපටයක් විදියට විචාරකයින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම Sonakshi සහ Jyothika ගේ රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
සිංහල උපසිරැසි එක්කම ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. කාලෙකින් බලන්න ලැබෙන වෙනස්ම විදියේ කතාවක් නිසා අනිවාර්යයෙන්ම බලන්න. ඉදිරියේදීත් මේ වගේම අලුත් චිත්‍රපටයකින් හමුවෙමු.



