Fifties Professionals (2026) TV Series | S01 | Complete
Year:2026
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageමේ කතාවේ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ඔවුන් තමන්ගේ ක්ෂේත්රවල ඉහළින්ම වැජඹිලා, පසුව සිදු වූ එක්තරා අභිරහස් සිදුවීමක් නිසා හැමදේම අහිමි වෙලා “යොන්ග්සොන්” (Yeongseon) කියන දුරස්තර දූපතක සාමාන්‍ය ජීවිත ගත කරන මැදිවියේ (අවුරුදු 50 ගණන්වල) පසුවන පුද්ගලයන් තිදෙනෙක්.
නොහිතපු ප්‍රශ්න වගයකට මුහුණ දෙන්න වුණ නිසා මේ තුන්දෙනාට තමන් කලින් වැඩ කරපු පරණ ක්ෂේත්‍රවලටම ආයෙමත් හැරීලා එන්න සිද්ධ වෙනවා.
කතාවේ පසුබිම (Synopsis)
මීට වසර 10කට පෙර දකුණු කොරියානු ජාතික බුද්ධි අංශය (NIS) විසින් දියත් කළ “Black Pearl” නම් අතිශය රහසිගත මෙහෙයුමට NIS හි දක්ෂතම රහස් ඒජන්ට්වරයෙකු වූ ජොන්ග් හෝ-මියුන්ග්, උතුරු කොරියානු විශේෂ බලකා සෙබළෙකු වූ බොන්ග් ජේ-සූන් සහ සෝල් නුවර බලවත් පාතාල කල්ලියක දෙවැනියා වූ කැන්ග් බොම්-ර්යොන්ග් යන තිදෙනා මැදිහත් වෙයි. නමුත් ඉහළ නිලධාරීන්ගේ කුමන්ත්රණයකින් මේ මෙහෙයුම අසාර්ථක වන අතර, එහි සියලු දෝෂාරෝපණ මේ තිදෙනා පිට පටවා ඔවුන්ව ද්‍රෝහීන් බවට පත් කරයි. ජීවිතය බේරාගැනීම සඳහා ඔවුන් තමන්ගේ පැරණි අනන්‍යතාවයන් අතහැර, නීතියට සහ සතුරන්ට හොරෙන් “යොන්ග්සොන්” නම් දුරස්තර ධීවර දූපතකට පලා යනවා.
වර්තමානයේ වයස අවුරුදු 50 ගණන්වල පසුවන මේගොල්ලෝ තුන්දෙනා දූපතේ ඉතා සාමාන්‍ය ජීවිත ගත කරන්නේ. හෝ-මියුන්ග් චයිනීස් කඩයක නූඩ්ල්ස් සාදන්නෙකු ලෙසත්, අනතුරකින් මතකය අහිමි වූ ජේ-සූන් කුලී වැඩ කරන්නෙකු ලෙසත්, බොම්-ර්යොන්ග් කුඩා සිල්ලර කඩයක් කරගනිමින් සාමකාමීව ජීවත් වෙයි. කොහොමවුනත්, වසර 10කට පසු “Black Pearl” මෙහෙයුමේ සැඟවුණු රහස් සහ ඔවුන්ගේ පැරණි සතුරන් නැවතත් මේ දූපත සොයා පැමිණීමත් සමඟ කතාවේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වෙයි. තමන්ට සිදුවූ අසාධාරණයට පලිගැනීමට සහ සත්‍යය ලොවට හෙළි කිරීමට මේ “වයසක වීරයන්” තුන්දෙනාට නැවතත් එකතු වෙන්න සිද්දවෙනවා.
මේ කතාවේ ඇති සුවිශේෂීම රසස්වාදය වන්නේ, තරුණ කාලයේ මෙන් වේගයෙන් සටන් කිරීමට නොහැකිව වයසත් සමඟ එන කොන්දේ අමාරු, සන්ධි රුදාවල් සහ ඇස් පෙනීමේ දුර්වලතා වැනි කායික බාධාවන් මැද, තමන් සතු පැරණි සටන් උපක්‍රම සහ අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙයාල සතුරන්ට මුහුණ දෙන ආකාරය. ඒක මුළු කතා මාලාව පුරාම අතිශය කුතුහලයෙන් මෙන්ම හාස්‍යජනක මුහුණුවරකින් යුතුව ඉදිරිපත් කරලා තියනවා.
කලින් සුපිරි වැඩ්ඩෝ වෙලා ඉඳලා, දැන් හැංගිලා ජීවත් වෙන මේ තුන්දෙනාගේ පරණ රහස් මොනවා වෙන්න ඇතිද? මේ තුන්දෙනාගේ ජීවිත වලට එන අලුත් කරදර වලට මෙයාල කොහොම මුහුණ දෙයිද?
ටිකක් වෙනස්ම විදියක ඇක්ෂන් කොමඩි කතා වලට කැමති කොරියන් රසිකයෙක් නම් මේක තමයි ඔයාලට ගැලපෙනම කතා මාලාව ඉතින් තව වැඩි කතා නැතුව මේ සුපිරි ඇක්ෂන්-කොමඩි කතාමාලාව සමග දීගටම රැදී සිටින්න කියලා ආරාධනා කරනවා.
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ තරිදු දිසානායක විසින්.
- 1
Episode 1 May. 22, 2026 - 2
Episode 2 May. 23, 2026 - 3
Episode 3 May. 29, 2026 - 4
Episode 4 May. 30, 2026 - 5
Episode 5 Jun. 05, 2026 - 6
Episode 6 Jun. 06, 2026 - 7
Episode 7 Jun. 12, 2026 - 8
Episode 8 Jun. 13, 2026 - 9
Episode 9 Jun. 19, 2026 - 10
Episode 10 Jun. 20, 2026 - 11
Episode 11 Jun. 26, 2026 - 12
Episode 12 [ S01 Last Episode ] Jun. 27, 2026

















