නිවුන් සහෝදරියෝ

ආයුබෝවන් සිනමා රසිකයෝ හැමෝටම! ඔන්න අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ, ලේ රත් වෙන ජාතියේ ෆිල්ම් එකක් ගැන විස්තරයක්. Thriller, Dark Comedy සහ Revenge (පළිගැනීම්) කාණ්ඩයේ ෆිල්ම් බලන්න ආස අයට මේක සුපිරිම අත්දැකීමක් වේවි. ඒ තමයි 2026 අවුරුද්දේ නිකුත් වුණු “Is God Is”.
මේක ඇත්තටම අතිසාර්ථක වුණු, සම්මාන දිනාගත් වේදිකා නාට්‍යයක් (Aleshea Harris ගේ නිර්මාණයක්) ඇසුරින් නිර්මාණය කරපු සිනමාපටයක්.
මේ කතාව ගෙතෙන්නේ රේසින් (Racine) සහ අනයියා (Anaia) කියන නිවුන් සහෝදරියෝ දෙන්නා වටා. මේ දෙන්නා පොඩි කාලෙදිම දරුණු ගින්නකට අහුවෙලා මූණ සහ ඇඟ පුරාම පිළිස්සුම් තුවාල කැළැල් තියෙන දෙන්නෙක්. මෙයාලා මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒ ගින්නෙන් එයාලගේ අම්මා මැරුණා කියලයි.
හැබැයි එක දවසක් මේ දෙන්නට හදිසියේම පණිවිඩයක් එනවා එයාලගේ අම්මාගෙන්. අම්මා මැරිලා නෑ, හැබැයි මරණාසන්නව ඇඳකට වෙලා තමයි ඉන්නේ. අම්මා මේ දෙන්නට කියනවා ඒ ගින්න තිබ්බේ වෙන කවුරුවත් නෙවෙයි, එයාලගේම තාත්තා කියලා. ඒ වගේම අම්මා මේ දෙන්නට භාරදෙනවා අමුතුම රාජකාරියක්… ඒ තමයි ගිහින් තාත්තාව මරලා දාන්න කියන එක! මේ මෙහෙයුම අම්මා හඳුන්වන්නේ දෙවියන්ගේ කැමැත්තක් විදිහට.
එතැනින් පස්සේ මේ සහෝදරියෝ දෙන්නා එයාලගේ තාත්තාව හොයාගෙන යන ක්‍රියාදාම පිරුණු ගමන තමයි මේ කතාවෙන් පෙන්නන්නේ.

Comments