EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

තාක්ශණය

Sattendru Maarudhu Vaanilai බාබු විජේ විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 2026 ඉන්දියානු දෙමළ භාෂා ආදර ත්‍රාසජනක චිත්‍රපටයකි. Jai, Yogi Babu, සහ Meenakshi Govindarajan රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටිය 2026 මැයි 15 දින නිකුත් කරන ලදී.
මේ කතාව තාක්ශණය නිසා එක් යුවලකට මුහුණ පාන්න වෙන ගැටලු ගැනයි.
මුලින්ම මේ කතාව පටන් ගන්නේ අතුරුදහන් වීමකින්.චන්දෘ හා ජානකී වටේ තමයි මේ කතාව ගෙතෙන්නේ.චන්දෘ කුඩා කාලයේදීම මව්පියන් අහිමිව ගිහින් අනාථ නිවාසයක හැදී වැඩුණ තරුණයෙකි.ඔහු හොදින් ඉගෙන ගෙන ඉහල පෙලේ සමාගමක රැකියාවක යෙදෙනවා.
ජානකී ඇමතිවරයෙකුගේ දියණියකි.ඇයට බලෙන් විවාහයක් කරලා දෙන්න තාත්තා සූදානම් වෙනවා.මේ නිසා ගෙදරම එපා වෙලා ඇය නේවාසිකාගරයක නැවතී තමන්ගේ ඉගෙනුම් කටයුතු කරගෙන යනවා.ජානකීට විශාල දෙපලක් තියන නිසා මේ ගැන දන්න අනිත් අය ඇයව කෙසේ හෝ විවාහ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
චන්දෘ ජානකී ගැනවත්, ජානකී චන්දෘ ගැනවත් නොදැන ආදරය කරනවා.
මේ විදිහටයි මේ කතාවේ පටන් ගැන්ම තියන්නේ.මේ දෙදෙනා විවාහ වෙනවා වගේම දෙදෙනාටම දරුණු මූල්‍ය අරගල සහ දූෂිත දේශපාලනඥයන් සහ ඊර්ෂ්‍යා කරන ප්‍රතිවාදීන් ඇතුළු භයානක සතුරන්ගෙන් බොහොම බලපෑම් ඇති වෙනවා.
මේ කතාව ගැන පොඩි හැදින්වීමක් විතරයි.චන්දෘ සහ ජානකීට ගැටලුවලට මුහුණ දී හොදින් ජීවිතය ගෙන යාමට හැකි වේවිද?

Comments