EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageශාපලත් වීඩියෝව
මේ වතාවෙ ගෙනාවෙ පරණ චිත්රපටියක්. ඒක තමයි Don’t Click..
ඇත්තටම මේක ටිකක් පරණ horror movie එකක්. ඒ කාලේ ජනප්රිය වුණු The Ring වගේ “cursed video” සංකල්පය කොරියානු විදිහට ඉදිරිපත් කරපු චිත්රපටයක් කියලා හඳුන්වන්නත් පුළුවන්.
2012 වසරේ නිකුත් වුණු මේකෙ ප්රධාන චරිත කරන්නෙ Park Bo-young, Joo Won වගේම Kang Byul . අන්තර්ජාලය, වෛරල් වීඩියෝ සහ ඒවා නිසා ඇතිවන අනතුරුදායක බලපෑම් ගැනත් මේ චිත්රපටය කතා කරනවා.
කතාව ගැන කියනව නම්,
ජන්ග්-මි කියන්නේ අන්තර්ජාලයේ ජනප්රිය වෙන්න කැමති තරුණියක්. දවසක් එයා “බැලුවොත් ශාපයක් වැදෙනවා” කියලා කතාබහට ලක්වුණු අභිරහස් වීඩියෝවක් ගැන දැනගන්නවා. කුතුහලය නිසා එයා ඒ වීඩියෝව නරඹනවා වගේම ඊට පස්සෙ එයාගෙ ජීවිතේ වටා අමුතු වගේම බය හිතෙන සිදුවීම් සිදුවෙන්න පටන් ගන්නවා. ජන්ග්-මිගේ අක්කා වගේම ඇයගේ පෙම්වතා මේ සිදුවීම් පිටිපස්සෙ තියෙන රහස හොයාගෙන යන්න තීරණය කරන්නෙ තමන්ගෙ නංගි වුන ජන්ග් මි වෙනුවෙන්.. ඉතිං එයාලට පුලුවන් වෙයිද එයාලගෙ පුංචි නංගිව බේර ගන්න…
භීතිය, අභිරහස වගේම ත්රාසජනක සිදුවීම් එකට එකතු කරපු මේ චිත්රපටයෙන්, අන්තර්ජාලයේ නොසැලකිලිමත් ක්රියාකාරකම් කොයිතරම් අනතුරුදායක වෙන්න පුළුවන් ද කියන පණිවිඩේකුත් දෙනවා. Horror චිත්රපට බලන්න කැමති අයට නම් මේක හොඳ කතාවක්.






