EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

වෛද්‍ය විශේෂඥයා 2 (වෛද්‍ය දැනුමේ පරිණාමය)

නූතන බටහිර වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය දෙස බලන විට, එහි ආරම්භය මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගනිමින් සිදු වූවක් බවත්, නමුත් පසුකාලීනව එහි වර්ධනය සහ ව්‍යාප්තිය යුරෝපය තුළ සිදු වූ බවත් අපට පැහැදිලිවම වටහාගත හැකියි.
එකල මැදපෙරදිග නගර ලෝකයේ ප්‍රධානතම බුද්ධිමය කේන්ද්‍රස්ථාන බවට පත් වී තිබුනි.
ඉබන් සීනා (Avicenna), අල්–රාසි (Rhazes) , ඉබන් අල්–නෆීස් (Ibn al-Nafis) වැනි විශිෂ්ට මැදපෙරදිග වෛද්‍යවරුන් , යුරෝපීයයන් සොයා ගැනීමට සියවස් ගණනාවකට පෙර බොහෝ වෛද්‍ය කරුණු මුලින්ම සොයාගත්හ. එසේම රෝහල් සංකල්පය (Bimaristan), වාට්ටු වෙන් කළ ක්‍රමවත් සහ වෛද්‍යවරුන්ට බලපත්‍ර ලබාදෙන නූතන රෝහල් පද්ධතිය මුලින්ම බිහිවූයේ මැදපෙරදිගයි. ඉබන් සීනා ලියූ The Canon of Medicine ග්‍රන්ථය මෙම වෛද්‍ය විද්‍යාව ක්‍රමවත්ව ගොනු කළ අතර, එය වසර 500කට අධික කාලයක් යුරෝපයේ පවා සම්මත වෛද්‍ය පෙළපොත ලෙස භාවිත විය.
වර්තමාන වෛද්‍ය විද්‍යාලවල පවා එම සොයාගැනීම් ගැන කථාකරන්නේ නැති වුවත් එම අතීතය ඉතා සිත්ගන්නා සුළුයි. ඔව්න්ගෙන් පැවත එන විවිධක් වූ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන පුද්ගලයන් අදටත් මැදපෙරදිග පිටිසර ගම්මාන වල අපට දැකිය හැකිය. Hakim ( හකීම් ) , Hajjam හිජාමා , Raqi( රුක්යා ) ආදී ලෙස ඔවුන්ගේ විශේෂඥතාවය අනුව විවිද නම් වලින් අදද ඔවුන් ආමන්ත්‍රනය කෙරේ.අප බටහිර වෛද්‍ය විද්‍යාව අනුගමනය කළද ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප නොකළ යුතුබවට සාක්ශිද අපට ඇතැම් විට දැකගත හැක.
වෛද්‍ය විද්‍යාවේ ආරම්භය මිනිසාගේ ජීවිතය, වේදනාව සහ සුවය පිළිබඳ සෙවීමත් සමඟම බැඳී පවතින ඉතා දිගු ඉතිහාසයකි. රෝග සුව කිරීම සඳහා දැනුම සොයා ගිය මිනිසාගේ ඒ අඛණ්ඩ ගමන පිලිබදව අවබෝදයක් ලබා ගත හැකි විශිෂ්ඨ චිත්‍රපටක් ලෙස The Physician 2 (2025) දැක්විය හැකිය. IMDb හි 6 ක ( නමුත් සැබවින්ම මෙයට වඩා ඉහල අගයක් ලැබිය යුතුය) ප්‍රේක්ෂක ඇගයීම් ලබන මෙම චිත්‍රපටය ඉතිහාසය, වෛද්‍ය විද්‍යාව සහ මනුෂ්‍ය සදාචාරය එකට ගැටෙන ගැඹුරු කතාවක් ඉදිරිපත් කරයි.
මෙම චිත්‍රපටය නිසි ලෙස අවබෝධ කර ගැනීමට නම් The Physician 1 (2013) ( IMDb -7.2) මුල් චිත්‍රපටය නැරඹීම අනිවාර්යයෙන්ම නිර්දේශ කරමි. එයට හේතුව වන්නේ එහිදී ප්‍රධාන චරිතයේ ආරම්භය, ඔහුගේ වෛද්‍ය දැනුම සොයා යාම, සහ මෙම කතාවට පදනම වන සිදුවීම් පැහැදිලිව ගොඩනගා ඇති බැවිනි. එම පසුබිම නොමැතිව දෙවැනි චිත්‍රපටයේ චරිත ගැඹුර සහ කතාවේ අර්ථය සම්පූර්ණයෙන් අත්විඳීමට අපහසු වේ.
මෙහි ඇති සිත් ඇදගන්නා සුලු බව නිසාම, ඔබටද එය ලබාදීමේ අරමුණෙන් මාගේද ප්‍රථම සිංහල උපසිරැසි ලෙස ඉදිරිපත් කිරීමට සිත් විය. වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය, දැනුම සඳහා වූ කැපවීම, සහ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න සමඟ ගමන් කරන මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදය පමණක් නොව සිතීමටද බොහෝ දේ ලබා දෙන බැවින් එය නැරඹීමට ඔබට ආරාධනා කරමි.

Comments