EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

https://telegra.ph/The-Favor-2025-06-18

අද මම අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණු The Favor (구원자) කියන කොරියානු Mystery Thriller චිත්‍රපටය. Shin Joon අධ්‍යක්ෂණය කරලා තියෙන මේ චිත්‍රපටයේ තිර රචනය Kang Da-Hee තමයි කරලා තියෙන්නෙ. ඒ වගේම Kim Byung-Chul, Song Ji-Hyo වගේම Kim Hieora ප්‍රධාන චරිත වලින් අපිට දැකගන්න පුලුවන්.
කතාව ආරම්භ වෙන්නේ සාමාන්‍ය පවුලක් වටා වුණත්, එයාලගෙ ජීවිතයට අමුතු පුද්ගලයෙක් ඇතුළු වෙන එකත් එක්ක හැම දෙයක්ම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. මුලින්ම සිද්ධ වෙන දේවල් හොඳ දෙයක් වගේ පෙනුණත්, ඒ හැම දේකම පිටිපස්සේ තවත් රහසක් තියෙන‍ෙද කියලා හිතෙන තරමට කතාව අපිව කුතුහලයෙන් පුරවනවා..
මේක එහෙම හදිසියේ බය ගැන්වීම් ගොඩක් තියෙන චිත්‍රපටයක් නම් නෙවෙයි. ඒ වෙනුවට, “මොකක්ද මේ ඇත්තටම වෙන්නේ?” කියන ප්‍රශ්නය ඔලුවේ තියාගෙන කතාව බලන්න වෙන විදිහේ අඳුරු අභිරහස් වාතාවරණයක් මේකේ තියෙනවා. කතාව ඉදිරියට යද්දී එක් එක් චරිත ගැන තිබුණු අදහස් පවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අභිරහස්, මානසික ආතතිය සහ අවසානය වෙනකම්ම කුතුහලය තියාගෙන යන කතා වලට කැමති නම්, The Favor දැන්ම බලන්න ගන්න…

Comments