EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageදුර දිග ගිය ප්‍රෑන්ක් එක
මේක 2009 රිලීස් වුණු horror/action කාණ්ඩයට අයිති වෙන slashser චිත්‍රපටියක්. මේකට imdb 5.2 ක අගයක් හම්බෙලා තියෙනවා.
අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ stewart handler. Briana Evigan,Jamie chung, Leah pipes, rumer willis, margo harshman, caroline d`amore රංගනයෙන් දායක වෙනවා.
මේකෙත් ඉන්නෙ scream වගේ masked killer කෙනෙක්. 90s slasher වලට ගොඩක් සමානයි.
කතාව ගැන පොඩ්ඩක් කිව්ව්වොත් මේ කතාව සිද්ද වෙන්නෙ කැම්පස් එකක ගර්ල් ගෘප් එකක. මේ ගර්ල් ගෘප් එකේ හිටිය එක කෙල්ලෙක්ගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ට යාළුවො ටික පොඩි ප්‍රෑන්ක් එකක් කරන්න යනවා. හැබැයි මේ ප්‍රෑන්ක් එක ඉවරවෙන්නෙ ගොඩක් නරක විදියට. වැඩිය ස්පොයිල් කරන්න යන්නේ නෑ. ඔයාලම බලන්න. තව දැනගන්න ඕනෙ නං මේක ගැන කලින් ලියපු ලිපියක් බයිස්කෝප් එකේම තියෙනව. තව කියන්න ඕනෙ මේ මගෙ පලවෙනි සබ්ටයිටල් එක. අඩුපාඩු තියෙනව නං සමාව ඉල්ලනවා.
දිනුෂ්ක උදාර ( රොකියා ) සහෝදරයා විසින් මීට පල කරන ලද ලිපිය
ඔන්න කාලෙකට පස්සෙ ටිකක් අමුතු විදියෙ, මොලේ විකාර වෙන බයිස්කෝප් එකක් අරගෙන ආව. මෙය 2009 වසරේ සැප්තැම්බර් මස තිරගත වීමට ආරම්භවුනු බයිස්කෝප් එකක්. මුලින්ම කතාව පොඩ්ඩක් කියල ඉන්නම, ගැහැනු ලමයින් 6 දෙනෙකුගෙන් යුතු කන්ඩායමක් තමයි මේකෙ මූලික කතා නායකයින් වෙලා තියෙන්නෙ. චිත්‍රපටිය පටන් ගන්නෙ, මෙම ගැහැනු ලමුන් විසින් පවත්වන සාදයකිනුයි. අපරාදෙ කියන්න බැ, කන්න බොන්න එක්ක අනිත් හැම දේම මෙම සාදයේ තියෙනවා. මෙහිදී මේ ගැහැනු ලමුන් කන්ඩායමේ සිටින ගැහැනු ලමයකු සමග තවත් එම කන්ඩායමේම ඉන්න ගැහැනු ලමයෙකු සම්බන්දයක් පවත්වනවා. කොහොම හරි සාදය අතරතුර මොවුන් දෙදෙනා හමුවී තනියෙම සිටින මොහොතක, මෙම ගැහැනු ලමයා සිහ සුන්ව වැටෙනවා. මම පිරිමි ලමයා කිසියම් හේතුවක් නිසා සිතන්නේ ඇය මියගොස් ඇති බවයි. කෙසේ හෝ ඔහුගේ සොයුරියටත් එම කන්ඩායමේ අයටත් මෙම සිද්දිය සැල වෙනවා. එහිදී ඔවුන් දැනගන්නව මෙම ගැහැනු ලමයා විහිලුවක් කිරීමේ අදහසින් මෙසේ මියගිය අයුරින් සිටිනව කියල. මෙම ගැහැනු ලමුන් කන්ඩායමත් මියගිය අයුරින් සිටින ගැහැනු ලමයත්, පිරිමි ලමයත් ඇතුලු කන්ඩායම මිය ගිය අයුරින් සිටින ගැහැනු ලමයව පාලු ස්තානයක දමා එන මෙන්, මෙම පිරිමි ලමයාව තව දුරටත් බය කිරීමේ අරමුනින් වාහනයක නැගී ගමන් කරනවා. නමුත් වාහනය නැවැත්වූ පසු හදිසියේම මෙම පිරිමි ලමයා මෙම මිය ගිය අයුරින් සිටින ගැහැනු ලමයට පපුව පසාරු කර යනතෙක් ආයුධයකින් පහර දෙනවා. විහිලුවකින් වුන තරමක්. ඔය අයුරින් මෙම මල මිනිය පාලු ලිඳකට දමා මොවුන් පලා යනවා. නමුත් මාස 9 කට පසු මෙම කන්ඩායමේ එක් එක ගැහැනු ලමයා අතුරු දහන් වෙනව. මේ අභිරහස් අතුරුදහන් වීම ඒ වගේම සහ මිය යැමට හේතුව කුමක්ද ? ඒකනම් හිතාගන්න බැරි විදිහෙ දෙයක්.
කතාව යන්නෙ ඔන්න ඔය විදියටයි. කතාව හරිම රසවත්, ඇත්තටම මොවුන් මිය යන අයුරු නම් …. ඒක ඔයාලම බලලා තීරනය කරන්න.
අපිට Step up 2 චිත්‍රපටියෙන් හමුවුනු , Briana Evigan මෙයට ප්‍රධාන රන්ගනයෙන් දායක වෙනව. ච්ත්‍රපටියේ පෙර දසුන් බලලම තීරනය කරන්න බානවද නැද්ද කියලා.











