EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Legend of Maula Jatt (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bilal Lashari
Cast
Go Full Cast Pageඅනීතික භූමියක අනුකම්පා විරහිත සටන්කරුවා
ලෝක සිනමාව තුළ දකුණු ආසියාතික සිනමාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.. ක්‍රියාදාම, අපරාධ සහ ත්‍රාසජනක (Action, Crime & Thriller) කථා තේමාවන් සදහා එහි ප්‍රමුඛස්ථානය හිමිවේ.. ඒ සියල්ල සපිරි පාකිස්ථාන සිනමා ඉතිහාසයේ බිහිවූ දැවැන්තම සහ සාර්ථකම සිනමා නිර්මාණයයි “The Legend of Maula Jatt”
IMDbහි 8.4 ක් ලබා ගත් මෙය හුදෙක් සාමාන්‍ය චිත්‍රපටයක් නොව, වසර ගණනක මහන්සියෙන් තිරයට ආ දැවැන්ත ව්‍යාපෘතියකි.. අති දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වන බිලාල් ලෂාරි (Bilal Lashari) ගේ අධ්‍යක්ෂනයෙන්ද, අම්මාරා හික්මත් සහ අසාද් ජේ. ඛාන්ගේ නිෂ්පාදනයෙන්ද පැමිණි මෙම චිත්‍රපටයේ රංගන දායකත්වය ෆවාද් ඛාන් (Fawad Khan),හම්සා අලී අබ්බාසි (Hamza Ali Abbasi), මහිරා ඛාන් (Mahira Khan), හුමයිමා මලික් ඇතුළු අතිදක්ෂ රංගන ශිල්පීන් විසින් ලබා දෙයි.. මෙය 1979 වසරේ තිරගත වී පකිස්ථානය තුල අතිශය ජනප්‍රිය වූ “Maula Jatt” නම් සම්භාව්‍ය චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.. රුපියල් කෝටි ගණනක දැවැන්ත අයවැයකින් නිර්මාණය වූ මෙය, ලොව පුරා තිරගත වී ඉහළම ආදායමක් ඉපැයූ පාකිස්ථාන චිත්‍රපටය ලෙස ඉතිහාසගත වී ඇත..
කතාව ගෙතෙන්නේ පන්ජාබ් ප්‍රාන්තයේ අතීත ගම්මානයක් පසුබිම් කරගෙනයි.. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මව්ලා ජට්, අතීතයේ සිදුවූ ඛේදජනක සිදුවීමක් නිසා අමතක වීමේ රෝගයකින් සහ මානසික කම්පනයකින් පෙළෙන, එහෙත් අතිශය භයානක සහ කිසිවෙකුටත් මෙල්ල කළ නොහැකි මල්ලවපොර ශූරයෙකි. ඔහු ජීවත් වන්නේ මත්පැන් සහ සටන් මත යැපෙමිනි..
ඔහුගේ අඳුරු අතීතයේ රහස් හෙළිවීමත් සමඟ, ඔහු සිය පවුල වෙනුවෙන් පළිගැනීම උදෙසා පෙරමුණට පැමිණෙයි. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීන් වන්නේ, ‘නට්’ (Natt) පරම්පරාවයි. එහි අතිශය රුදුරු සහ බලවතා වනුයේ නූරි නට්ය.. නූරි යනු පරාජය යනු කුමක්දැයි නොදන්නා, තමාට සමාන තරඟකරුවෙකු සොයමින් සිටින, තමාගේම නීති ක්‍රියාත්මක කරන අතිශය සාහසික මෙන්ම බුද්ධිමත් චරිතයකි.. මේ යෝධයන් දෙදෙනාගේ ගැටුම මුළු කතාවේම ගමන්මග තීරණය කරයි..
චිත්‍රපටයක වීරයාට වඩා ප්‍රතිවීරයා ප්‍රබල වූ විට කතාව කෙතරම් රසවත් දැයි නූරි නට්ගේ චරිතයෙන් මනාව ඔප්පු වේ..හම්සා අලී අබ්බාසි විසින් නිරූපණය කරන මෙම චරිතය ප්‍රේක්ෂකයා තුළ බිය මෙන්ම ගෞරවයද ඇති කරයි..








