මකුළු හමුදාවකට එරෙහිව

මේක පවුලේ හැමෝටම එකට ඉඳගෙන රසවිඳින්න පුළුවන් ලස්සන ඇනිමේෂන් (Animation) චිත්‍රපටයක්. කතාව යන්නේ ‘වෑන්’ (Van) කියන යොවුන් දත් සුරදූතයා (Tooth Fairy) වටා. එයා ටිකක් දඟකාර, සාම්ප්‍රදායික නීතිරීති වලට කොටු වෙන්න අකමැති කෙනෙක්. එයාගේ අරමුණ වෙන්නේ තමන්ගේ ලෝකයෙන් එළියට ගිහින් අලුත් දේවල් හොයාගෙන යන එකයි.
මේ ගමනේදී වෑන්ට හමුවෙනවා ලෝකේ ඉන්න හුරතල්ම ට්‍රෝල් (Troll) කෙනෙක් වෙන ‘රූපී’ සහ විද්‍යාවට මාරම දක්ෂ ගොබ්ලින් (Goblin) කෙල්ලෙක් වෙන ‘ජෙමා’. මේ තුන්දෙනා එකතු වෙලා තමන්ගේ වෙන් වුණු රාජධානි එකතු කරන්න ලොකු මෙහෙයුමක් ආරම්භ කරනවා. හැබැයි මේ ගමන ලේසි වෙන්නේ නැහැ, මොකද එයාලට කෑදර මකුළු රැජිනක්ගෙන් සහ ඇගේ භයානක මකුළු හමුදාවෙන් බේරෙන්නත් සිද්ධ වෙනවා. මැජික්, මිත්‍රත්වය සහ ත්‍රාසය පිරුණු මේ ෆිල්ම් එක කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් හොඳ විනෝදයක් ගෙන දෙනවා.

Comments

July 12, 2026

Toy story 3 (2010) movie eka dennako plz 🙏🙏