EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

සුභ උපන් දිනයක් වේවා

සුභ දවසක් හැමෝටම ඔන්න අදත් අරගෙන ආවා අලුත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක් අරගෙනයි එහෙනම් වැඩි කතා නැතුව යමු වෙන්නේ මොකද්ද කියලා බලන්න
අධ්‍යක්ෂණය: Raju Chandra Genre: Comedy, Drama
ප්‍රධාන චරිත: – Appu Kutty – Anpu ගේ චරිතේ. බීමතට ඇබ්බැහි වෙච්ච කොල්ලා – Aishwarya Anilkumar – Anpu ගේ බිරිඳ / පෙම්වතිය වගේ චරිතයක් – Sreeja Ravi – Anpu ගේ අම්මා – Roji Mathew, Santhosh Swaminathan, Zulfiya Majeed – ගමේ අය, යාළුවෝ
කතාව පටන් ගන්නේ මෙහෙමයි එකමත් එක ගමක ඉන්න Anpu කියන්නේ හොඳ පවුලක කොල්ලෙක් ඒත් එයා මත්පැන් වලට ඇබ්බැහි වෙලා. හැමදාම බොනවා. වැඩක් නෑ. ගෙදර අයට බැන බැන ඉන්නවා. බිරිඳයි අම්මායි තාත්තයි ගොඩක් දුක් වෙනවා. යාළුවොත් එයා එක්ක එකතු වෙලා බීමතට ඇබ්බැහි වෙලා ඉන්නවා
ඉතින් දවසක් මෙයාගෙ බීමත්කම නිසා මෙයාගේ මරණය මෙයාම හීනෙන් සත්‍ය සිදුවීමක් වගේ දකිනවා තමන්ගේ මරණය තමන්ම දකිනවා අන්බුගෙ යාලුවෝ බිරිඳ අහළ පහළ අසල්වැසියෝ දැන් හැමෝම මෙයාගෙ මළ ගෙදර වැඩ කටයුතු සිද්ධ කරනවා එයාලා Anpu ව ඇඳේ තියලා එයාව ජීවතුන් අතර ඉද්දිම එයාගේ අවසන් කටයුතු පටන් ගන්නවා. කෑගහනවා, අඬනවා, “Anpu ගියා” කියලා. ගිනි තියන්නත් ලෑස්ති වෙනවා.
අන්තිම මොහොතෙදී හීනෙන් පියවි සිහියට ඇවිත් තමන්ගේ මරණය දැකලා හොඳට බයවුණු අන්බු තමන්ගෙ වැරද්ද තේරුම් අරගෙන හොඳින් කල්ගෙවනවා ඕකයි මෙ කතාව තුළ සිද්ධ වෙන්නේ

Comments