එකම ගතක ජීවිත දෙකක්

ටිකක් ලස්සන චිත්‍රපටියක් දැක්ක නිසා ඒකට උපසිරැසි ගන්වලා ගෙනත් දෙන්න හිතුනා. මේකේ කතාව ගැන කිව්වොත් එහෙම අරුනාචලම් හා වල්ලි කියන දෙන්නාට අවුරුදු ගානක් දරුවෝ නැතුව ඉන්නේ. කොහොම හරි දෙවියන්ට ප්‍රාර්ථනා කරලා කරලා දෙන්නාට දරුවෙක් ලැබෙනවා. නමුත් ලැබෙන දරුවා ඉපදුන ගමන්ම නැති වෙනවා. මේක ගැන කෝප ගන්න අරුනාචලම් දෙවියන්ට ශාප කරනවා මේ තරම් කල් දරුවෝ නැතුව ඉදලා ලැබුන දරුවා මරා ගත්තා කියලා. මේ වෙලාවේ මේ මියගිය දරුවාට පණ එනවා. මේ ළමයා ඉපදුනේ පිරිමි ළමෙයක් විදියට එත් පන එද්දි ගැණු දරුවෙක්. කොහොම හරි මේ දෙන්නාට නොසිතු විරු ප්‍රශ්නයකට මේ වෙලාවේ ඉදන් මුහුණ දෙන්න වෙනවා. උදේ 6 ඉදන් හවස 6 වෙනකම් ඉන්නේ ගැණු ළමයෙක්. හවස 6 ඉදන් උදේ 6 වෙනකම් ඉන්නේ පිරිමි ළමයෙක්. මේ දෙන්නා එකම ඇගේ හිටියාට පෙනුම වල් දෙකක් වගේ… මනසින් වගේම හැම අතින්ම දෙන්නෙක්. හැබැයි මොන දේ උනත් හවස හය වෙද්දි දෙන්නා මාරු වෙනවා…
මේක අධ්‍යක්ෂණය කරන්නේ Aswin Kandasamy විසින්. මෙහි ප්‍රධාන චරිත විදියට Santhosh,Reshma Venkatesh,Samyuktha Viswanathan හා Vinoth Kishan රංඟනයෙන් දායක වෙනවා. කොහොම හරි කියන්න තියෙන්නේ ටිකක් හිනාවේවි බලන්න කැමැති ෆිල්ම් එකක් හොයනවා නම් මේ චිත්‍රපටිය ඒකට හොදටම ගැලපේවි. එහෙනම් අරන් බලන්න ගිහින් එන්නම්.

Comments