දාම ඝාතකයා

80 සහ 90 දශකවල ආපු Friday the 13th වගේ Slasher Horror ෆිල්ම් වලට ආදරය කරන අයට තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. Mark Polonia ගේ අධ්‍යක්ෂණයක් වෙන මේ ෆිල්ම් එකේ කතාව යන්නේ මානසික රෝහලකින් පැනලා යන අතිශය භයානක, විකෘති වූ මිනීමරුවෙක් වටා.
මේ මිනීමරුවා කෙළින්ම එන්නේ ‘Camp Hollow’ කියන කැලෑව මැද තියෙන කෑම්ප් එකකට. කිසිම දෙයක් නොදැන විනෝද වෙන්න මේ කෑම්ප් එකට එන අහිංසක තරුණ පිරිසකට මේ මිනීමරුවාගෙන් බේරෙන්න ලොකු සටනක් දෙන්න සිද්ධ වෙනවා. බය හිතෙන දර්ශන එක්ක, හොරර් ෆිල්ම් රසිකයින්ට ත්‍රාසය උපරිමයෙන්ම දැනෙන විදිහට මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා.

Comments