EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageයක්ෂණියක් කැඳවන දරු නැළවිල්ල
Hello guys! මේක තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසිය. ඉතින් මම ඒ සඳහා තෝරාගත්තේ 2022 වසරේ නිකුත් වුණු supernatural horror ගණයේ චිත්‍රපටයක් වන Lullaby (2022) චිත්‍රපටයයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, සුප්‍රසිද්ධ Annabelle (2014) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ඒ වගේම The Conjuring (2013) චිත්‍රපටයේ සිනමාරූපකරණය සිදු කරපු John R. Leonetti විසින්. IMDB අගය 4.9/10 ලෙස සටහන් වෙනවා.
කතාව ගැන කෙටියෙන් (Spoiler-Free):
අලුත උපන් තම බිළිඳා සමඟ සතුටින් දිවි ගෙවන මවක් සහ පියෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. දවසක් මේ අම්මට පැරණි පොතක තිබිලා ලස්සන දරු නැළවිල්ලක් හමු වෙනවා. හැඬුම් නවත්වන්නේ නැති තමන්ගේ දරුවා නළවන්න ඇය මේ ගීතය ගායනා කරනවා. හැබැයි ඇය දන්නේ නැහැ ඇය ඒ ගායනා කළේ නැළවිලි ගීතයක් නෙවෙයි, ශාප ලත්, පුරාණ Lilith කියන භයානක යක්ෂණියව කැඳවන මන්ත්‍රයක් කියලා. එතැන් පටන් මේ පුංචි පවුලට මුහුණ දෙන්න වෙන භීෂණය සහ තමන්ගේ දරුවාව බේරගන්න ඔවුන් කරන අරගලය ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්.
ප්‍රධාන චරිත සඳහා Oona Chaplin සහ Ramon Rodriguez රංගනයෙන් දායක වෙනවා Oona Chaplin හට සිනමාවෙන් වගේම සැබෑ ජීවිතයෙනුත් උපතින්ම උරුම වුණු ලේ උරුමයක් තියෙනවා. ඇය වෙන කවුරුත් නෙවෙයි, සිනමාවේ අමරණීය තරුවක් වන ලෝකප්‍රසිද්ධ Charlie Chaplinගේ මිණිබිරිය හා ප්‍රසිද්ධ නාට්‍ය රචකයෙකු වන Eugene O’Neillගේ මී මිණිබිරියයි. ඒ වගේම මෙම චිත්‍රපටය වැඩිම මියගිය ළදරුවන් ප්‍රමාණයක් එකවර තිරයේ දැක්වේමේ ලෝක වාර්තාවටත් හිමිකම් කියනවා.
මේක හදාගන්න මට දවස් 3ක් ගියා. මේ film එකේ තියෙන යුදෙව් සංස්කෘතියට අදාළ වචන වලට මෙන්ම ගීත වලටත් මං තේරුම් ගන්න පුළුවන් විදියට උපසිරැසි කරා කියලා හිතනවා. තව මේක මං පුළුවන් තරම් natural විදියට තමයි translate කරේ. ඒ නිසා මේක ඔයාලට පොඩ්ඩක් වෙනස් වගේ දැනෙන්න පුළුවන්. අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න කියලා ඉල්ලන ගමන්ම, පහළින් ඔයාලගේ වටිනා අදහස් සහ Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.








