EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

නොනැමෙන ත්‍රිමූර්තුලු

සාමාන්‍යයෙන් අවංකව රාජකාරිය කරන පොලිස් නිලධාරියෙක්ට ලේසියෙන් පැවැත්මක් නෑ. ත්‍රිමූර්තුලු කියන්නෙත් අන්න ඒ වගේ නිතරම දේශපාලකයන්ගේ ගැටලු වලට මැදිවෙලා මාරුවීම් (Transfers) ලබන කොස්තාපල්වරයෙක්. තමන්ගේ පාඩුවේ රාජකාරිය කරගෙන හිටියත්, දවසක් එයාගේ පොඩි දුවව අභිරහස් කණ්ඩායමක් විසින් පැහැරගන්නවා. මේ සිදුවීමත් එක්ක ත්‍රිමූර්තුලුට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මුළු ප්‍රාන්තයේම ඉන්න දූෂිතම ඇමතිවරියක් එක්ක ලොකු සටනකට. තමන්ගේ පවුල බේරගෙන මේ දූෂිත දේශපාලන ජාලය කඩලා දාන්න ඔහුට හැකියාවක් ලැබේවිද කියන එක මේ කතාවෙන් බලාගන්න අවස්ථාව ලැබෙනවා.
කාලෙකට පස්සේ Vadde Naveen නැවතත් සිනමාවට එනවා කිව්වම ගොඩක් අය මේ ෆිල්ම් එක ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. ඩිරෙක්ටර් Kamal Teja Narla මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ සාමාන්‍ය කොස්තාපල්වරයෙක්ගේ ජීවිතේ ඇතුළේ තියෙන අභියෝග ගැන කතා කරන්න. මේ ෆිල්ම් එකේ ත්‍රිමූර්තුලු විදියට ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Vadde Naveen විසින්. අවුරුදු දහයකට පස්සේ කැමරාවක් ඉස්සරහට ආවත් එයාගේ රංගනයේ කිසිම අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ.
ත්‍රිමූර්තුලුගේ බිරිඳ විදියට Rashi Singh රංගනයෙන් එකතු වෙද්දී, ප්‍රධාන දුෂ්ට චරිතය වෙන දූෂිත මහ ඇමතිවරියගේ චරිතය කරන්නේ Shilpa Tulaskar විසින්. සාමාන්‍යයෙන් ඇක්ෂන් ෆිල්ම් එකක ප්‍රධාන දුෂ්ටයා විදියට පිරිමි චරිතයක් දැක්කට, මේකේ කාන්තා චරිතයක් ඒ තැනට ගෙනාපු එක කතාවට ලොකු වෙනසක් එකතු කරලා තියෙනවා. පවුලේ බැඳීම් වගේම දේශපාලන කුමන්ත්‍රණ ගැනත් කියවෙන මේ කතාවේ ත්‍රාසජනක සිදුවීම් ගණනාවක්ම අන්තර්ගතයි.
ඔහු සෑහෙන කාලයක් සිනමාවෙන් ඈත් වෙලා ඉඳලා, දශකයකට විතර පස්සේ නැවතත් ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ මේ චිත්‍රපටය හරහා.
ඔහුගේ තියෙන දැඩි අවංකකම සහ දූෂිත ඉහළ නිලධාරීන්ට යටත් නොවීම තමයි මේකට හේතුව. කතාවේ හැටියට ඔහුට මේ නිසාම 55 වතාවකට වඩා රාජකාරි මාරුවීම් ලැබිලා තියෙනවා.

Comments