EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ආයෙමත් ආපු විකාරරූපී හොල්මන් පිස්සුව

කොහොමද රත්තරන් යාළුවනේ! ඔන්න ඉතින් අද මම කලින් පොරොන්දු වුණා වගේම ඉක්මනින්ම මේ ෆිල්ම් එකටත් උපසිරැසිය අරගෙන ආවා.
මීට කලින් ෆිල්ම් 5ක් රිලීස් වෙලා තියෙනවා, නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඒ ෆිල්ම් ටිකත් බලලා එන්න කියලා මතක් කරනවා. අඩුම තරමේ පළවෙනි ෆිල්ම් එකවත් බලන්න කියලා මම යෝජනා කරනවා. දැනට රිලීස් වෙලා තියෙන ෆිල්ම් ටික පහළින් දාන්නම්:
⦁ Scary Movie (2000) ⦁ Scary Movie 2 (2001) ⦁ Scary Movie 3 (2003) ⦁ Scary Movie 4 (2006) ⦁ Scary Movie 5 (2013)
අවුරුදු ගාණකට පස්සේ Wayans සහෝදරයෝ ආයෙත් එකතු වෙලා හදපු මේ අලුත්ම ෆිල්ම් එකෙන් නූතන Horror ෆිල්ම්ස් වගේම Pop Culture එකේ ලොකු කලබලයක් කරපු සිදුවීම් පට්ටම විදිහට උපහාසයට ලක් කරලා තියෙනවා. මේ ෆිල්ම් එකත් කලින් ටික වගේම බඩ පැලෙනකන් හිනාවෙවී බලන්න පුළුවන්.
මේ පාර ෆිල්ම් එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි පරණ ඔරිජිනල් කාස්ට් එක නැවතත් එකතු වීම සහ තවත් සුපිරි නළු නිළියන් පිරිසක් කැමියෝ (Cameo) චරිත වලින් දැකගන්න ලැබෙන එකයි.
ප්‍රධාන නළු නිළියන් විදිහට Anna Faris, Regina Hall, Marlon Wayans, Shawn Wayans ව අපිට බලාගන්න පුළුවන්.
ප්‍රධාන නළු නිළියන්
තවත් Dave Sheridan, Jon Abrahams, Lochlyn Munro, Cheri Oteri, Chris Elliott වැනි කලින් ෆිල්ම් වල හිටපු නළු නිළියන් එකතු වෙලා තියෙනවා.
සුපුරුදු පැරණී නළු නිළියන්
අලුතින් එකතු වූ නළු නිළියන් සහ කැමියෝස් විදිහට Damon Wayans Jr., Kim Wayans, Heidi Gardner, Kenan Thompson, Teyana Taylor, Anthony Anderson & Shaquille O’Neal, Carmen Electra යන අයව අපිට බලාගන්න පුළුවන්.
කතාව පැත්තට හැරුණොත්… අවුරුදු 26 ක කාලයක් ගෙවිලා දැන් සින්ඩිට ළමයි දෙන්නෙක් ඉන්නවා. කතාව පටන් ගන්නේ සින්ඩිගේ බාල දුවට මාස්ක් එකක් දාගත්ත මිනීමරුවෙක් ඇවිත් පිහියකින් අනින සීන් එකකින්. මේක දැනගත්ත ලොකු දුව සින්ඩිව හම්බවෙන්න යනවා. මෙතැනදි සින්ඩිට දැනගන්න ලැබෙනවා එයාලා කලින් මුහුණ දීපු මිනීමරුවා ආපහු ඇවිත් කියලා. ඊටපස්සේ සින්ඩි එයාගේ කලින් යාළුවෝ තුන් දෙනාත් එක්ක එකතු වෙලා මේ මිනීමරුවට දෙන ගේම තමයි මේ කතාවේ වෙන්නේ.
එහෙනම් කතාව බලන්නකෝ. මම ගිහින් එන්නම්, ටටා බායි!

Comments