ගට්ටා කුස්ති 2

සුභ දවසක් වේවා යාළුවනේ ඔන්න අද මං අරන් ආවේ Gatta kusthi නමින් 2026 ජූලී 3 වන දින නිකුත් වුණ දමිළ චිත්‍රපටයට උපසිරැසි අරගෙන ඉතින් අපි බලමු මේ කතාව මොකද්ද කියලා

මේක gatta kusthi 2022 චිත්‍රපටයේ දෙවනි චිත්‍රපටයයි
පලවෙනි චිත්‍රපටයේදී අවසානයේදී කීර්ති හා විරාට දුවෙක් ලැබුණා. ඒ වෙලාවේ වීරා පොරොන්දු වුණා “මම ඔයාගේ මල්ලවපොර හීනයට උදව් කරනවා” කියලා.
ඉතින් මේ ගට්ටා කුස්ති චිත්‍රපටයේ දෙවනි චිත්‍රපටයෙන් එම කතාවේ ඉතුරු කොටස පෙන්වලා තියෙනවා

කීර්ති කියන්නේ රේල් දෙපාර්තමේන්තුවේ රස්සාවකුත් කරන ගමන් ජාතික මට්ටමේ මල්ලවපොර ශූරියක් වෙන්න පුහුණු වෙන කෙනෙක්
ඉතින් කීර්තිගේ ස්වාමියා වුණ වීරා ගෙදර ඉඳන් ගෘහණියකගේ සියලු කටයුතු කරන ස්වාමියෙක්..තමන්ගේ දුවගේ අධ්‍යාපන කටයුතු ඉවුම් පිහුම් ආදී සියල්ලම සිදු වෙන්නේ මේ වීරාගේ අතින්

ඉතින් ඔහොම ජීවත් වෙනකොට වීරා සහ කීර්ති අතර තමන් දෙදනාගෙ දුව වූ මධී හදා වඩා ගන්නේ කෙසේද කියන ප්‍රශ්නෙත් එක්ක මේ දෙන්නා අතර මතභේද හටගන්නවා

දුව මධී මල්ලවපොර ක්‍රීඩා වලට ආසාවක් නෑ. පාඩම් වලින් අසමත් වෙනවා.
ඒ නිසා අම්මායි තාත්තයි දුවව හදන විදිය ගැන රණ්ඩු වෙනවා.
කීර්තිට ඕන දුවත් තමන් වගේ මල්ලවපොර ශූරියක් වෙන්න.
වීරාට ඕන දුවගේ නර්තන ආසාවට ඉඩ දෙන්න.

ඒ අතරේ ඊර්ෂ්‍යාකාරී පුහුණුකාරයෙක් වීරාගේ හිස අවුල් කරලා එයාලගේ ජීවිතේ විනාශ කරනවා. ඒකෙන් කීර්තිගේ ක්‍රීඩා ජීවිතය නැති වෙනවා. එයාලගේ විවාහය දික්කසාදයකින් අවසන් වෙන ප්‍රශ්නයක් දක්වා දුරදිග යනවා

දික්කසාදේත් එක්ක දරුවා කාගේ ළඟද වැඩෙන්න ඕන කියන ප්‍රශ්නෙට උත්තරයක් විදියට ස්වාමියයි බිරිඳයි මල්ලපොර තරඟයක් පවත්වලා එයින් දිනන කෙනාට දරුවා ලැබෙනවා කියලා ඒ දෙන්නා තීරණයකට එළබුණා

මේ චිත්‍රපටයේ හරය තමයි
ගෙදර වැඩ සහ එළියේ වැඩ පිරිමියයි ගැහැනියයි මාරු වුනාම මොකද වෙන්නේ කියන එක, එකිනෙකාගේ හීන වලට සහයෝගය දීම, පවුලේ වටිනාකම වගේ දේවල් ගැන යම් අවබෝධයක් දෙන එක

ඉතින් මං ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න කියලා

Comments

August 10, 2026

mama godak than vala gihilla me film eka hevva hamba vune naha
thanks bro