පෞරාණික දේවාලයක සැඟවුණු අද්භූත රහසක්

මේ කතාව ගෙතිලා තියෙන්නේ ඉන්දියාවේ පෞරාණික විෂ්ණු දේවාල ආශ්‍රිතව තියෙන අද්භූත රහස් වටා. ඉන්දියානු පැරණි පුරාවෘත්තයන්ට අනුව වටිනා වස්තූන් සහ රහස් නිධානයන් ආරක්ෂා කිරීමට යොදාගන්නා ‘නාගබන්ධම්’ කියන අතිශය රහසිගත පූජනීය චාරිත්‍රය ගැන කතාවක් මේ නිර්මාණයට පාදක වෙලා තියෙනවා.
දේවාලවල සඟවා ඇති පෞරාණික නිධානයක් ආරක්ෂා කරන අද්භූත බලවේග එක්ක ගැටෙන මිනිස්සුන්ට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධවෙයිද කියන එකත්, ඒ රහසිගත නිධානයේ සැබෑ උරුමක්කාරයා කවුද කියන එකත් කතාව පුරාම ලොකු අභිරහසක්.
Abhishek Nama ගේ අධ්‍යක්ෂණයෙන් 2026 වසරේ තිරගත වූ Nagabandham – The Secret Treasure කියන්නේ Action, Drama, Fantasy ශානරයන්ට අයිති තෙළිඟු සිනමාවේ දැවැන්ත නිර්මාණයක්. Virat Karrna, Nabha Natesh සහ Aishwarya Menon මෙහි ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වන අතර, Jagapati Babu, Mahesh Manjrekar සහ Anasuya Bharadwaj වැනි ප්‍රකට නළු නිළියන් රැසක්ද මෙහි රඟපානවා.
අතීතයයි වර්තමානයයි අතර දෝලනය වෙමින්, පෞරාණික චාරිත්‍ර, අද්භූත බලවේග සහ ආගමික විශ්වාසයන් එකට කැටි කර ගොඩනඟා ඇති මේ කතාව, මුල සිට අගටම කුතුහලය සහ ත්‍රාසය පිරි වෙනස්ම විදියේ සිනමා අත්දැකීමක්.

Comments