Dooradarshini (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
කුල භේදය
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ ලස්සනම ලස්සන ආදර කතාවක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේක 1990 ගණන්වල ගමක සිද්ධ වෙන ලස්සන ආදර කතාවක්. මේකේ ප්රධාන චරිතේ වෙන “හරී” කියන්නේ ටිකක් අඩු කුලයක කොල්ලෙක්. එයා ගමේ ඉන්න සල්ලි තියෙන උසස් පවුලක කෙල්ලෙක් වෙන “වානි”ට රහසින් ආදරේ කරනවා. ඒ දවස්වල ගමේ හැමෝටම ටීවී තිබ්බේ නැති නිසා මුළු ගමේම මිනිස්සු රෑට එකතු වෙන්නේ “පේකාබාබු” කියන කෙනාගේ ගෙදරට ටීවී බලන්න. හරී සහ වානිත් හැමදාම රෑට හොරෙන් මෙතනට ඇවිත් ටීවී බලන ගමන් තමයි තමන්ගේ ආදරේ බෙදාගන්නේ. හැබැයි මේ පේකාබාබු කියන කෙනත් වානිට කැමැත්තෙන් ඉන්නේ. ඉතින් මෙයා මේ දෙන්නගේ ආදරේ දැනගෙන වානිගේ සහෝදරයා වෙන “පරසුරාම්”ව කුලප්පු කරනවා. පරසුරාම් කියන්නේ කුල භේදය සෑහෙන්න ඔලුවට ගත්තු නංගි ගැන මාර විදිහට හොයලා බලන කෙනෙක්..ඉතින් මෙතනින් එහාට මොනවා වෙයිද ?? හරීගේ සහ වානිගේ ඉරණම කොහොම විසදෙයිද කියලා බලාගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..


