වංචාකාරයින්ගෙ නගරය

කොහොමද යාළුවනේ? මගේ කලින් සබ්ටයිටල් නිර්මාණ 4ටම ඔයාලගෙන් ලැබුණු එකතු වුණු ප්‍රතිචාර සහ ආදරයට ගොඩක් ස්තූතියි! ඔන්න ඒ දිරියත් අරගෙන මගේ 5 වැනි සිංහල උපසිරැසි නිර්මාණය විදිහට 2026 ජූනි මාසයේ නිකුත් වුණු “Con City” දෙමළ චිත්‍රපටය ඔයාලට අරගෙන ආවා.
චිත්‍රපටය ගැන බිඳක්:
මේ චිත්‍රපටය හරීෂ් දුරෙයිරාජ් (Harish Durairaj) ගේ මංගල අධ්‍යක්ෂණය සහ තිර රචනයෙන් හැඩවුණු එකක්. මෙහි ප්‍රධාන චරිත සඳහා අර්ජුන් දාස් (Arjun Das) සහ අන්නා බෙන් (Anna Ben) එක්ක ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පී යෝගී බාබු (Yogi Babu), වඩවුක්කරසි සහ අකිලන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. 2026 ජූනි 26 වන දින සිනමාහල් වලට නිකුත් වුණු මේ චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න සමත් වුණා.
කතාවේ සාරාංශය:
මංගලෝර් ආසන්නයේ තියෙන මුල්කි කියන පුංචි නගරයේ පුංචි කඩයක් කරගෙන ජීවත් වෙන සරවණා (අර්ජුන් දාස්) සහ මිත්‍රා (අන්නා බෙන්) ඇතුළු පවුල වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ දෙන්නා අතර ලොකු ආදරයක් නැති වුණත්, රෝද පුටුවක ඉන්න තමන්ගේ පුංචි පුතා ජීවා වෙනුවෙන් ඔවුන් එකට ජීවත් වෙනවා.
ඒත් දවසක් ඉස්කෝලෙදී ජීවාව කවුරු හරි පැහැරගෙන යනවා. සීසීටීවී (CCTV) පරීක්ෂා කරද්දී පෙනී යන්නේ මේක සාමාන්‍ය කප්පම් ගැනීමක් නෙවෙයි කියලා.
එතැන් පටන් දිගහැරෙන්නේ මේ පවුලේ සැඟවුණු අතීතයයි! ඇත්තටම මේ පවුලේ ඉන්න කවුරුත් ලේ නෑයන් නෙවෙයි. ඔවුන් හැමෝම අතීතයේදී බලවතුන්ගෙන් රැවටීමට ලක්වෙලා, ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව එකතු වුණු දක්ෂ හොරුන් සහ වංචාකාරයින් (Con Artists) පිරිසක්!
ජීවාව පැහැරගෙන තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඔවුන්ගේ අතීතයෙන් ආපු දූෂිත පොලිස් නිලධාරියෙක් වෙන කල්‍යාණ සුන්දරම්. ඔහු තමන්ගේ සූදුවේ ණය ගෙවාගන්න මේ පවුලට තර්ජනය කරලා, යළිත් වරක් විශාල වංචාවක් කරන්න බල කරනවා. ජීවාව බේරාගන්න නම් මේ පවුලට නැවතත් තමන්ගේ පරණ “ගේම් එකට” බහින්න වෙනවා.
රෝද පුටුවේ ඉන්න පුංචි ජීවා පිටුපස තියෙන ලොකුම රහස මොකක්ද? මේ අමුතු පවුල එකතු වෙලා දූෂිත පොලිස් නිලධාරියාව අන්දන හැටිත්, තමන්ගේ පුතාව බේරාගන්න ගහන සුපිරි ප්ලෑන් එකත් බලන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්නම වෙනවා!
ඉතින්, මගේ මේ 5 වැනි උපසිරැසි ගැන්වීමත් බලලා ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරගෙන යන්න. ඉදිරියටත් මේ වගේ සුපිරි චිත්‍රපට වලට සිංහල උපසිරැසි අරන් එන්න ඔයාලගේ අදහස් මට ලොකු ශක්තියක්!
හැමෝටම ආදරණීය සිනමා අත්දැකීමක් වේවා!

Comments

July 25, 2026

Sub eka wenama dana baida

July 30, 2026

hemadama me web eken film balana kenek widiyata ,me web eka karana kenagen illeemak thiyenawa mekata film eke trailer ekakuth add karanna kiyala