මළවුන් නැගිටින සොහොන් බිමේ දෙවන දිගහැරුම

Hello guys! අද මම ඔයාලට අරගෙන ආවෙ 1992 වසරේ නිකුත් වුණු Supernatural Horror ගණයේ චිත්‍රපටයක්. මේක තමයි “King of Horror” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සුප්‍රකට Horror ලේඛක Stephen Kingගේ Pet Sematary novel එකේ film adaptation එක වෙච්ච 1989 දී තිරගත වූ Pet Sematary film එකේ sequel එක. පළවෙනි film එක novel එක ඇසුරින් නිපදවුණත්, මේ දෙවැනි film එකට Stephen King සෘජුවම සම්බන්ධ වුණේ නෑ. ඒ නිසා ඔහුගේ නම මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වලින් ඉවත් කර ගැනීමට ඔහු පියවර ගත්තා. හැබැයි මේකෙ කතාව පළවෙනි film එකට සම්බන්ධයි. ඒ නිසා ඔයාල ඒ film එක බලල නැත්තං මුලින්ම ඒක බලල ඉන්න. මේකට පස්සෙ Pet Sematary (2019), Pet Sematary: Bloodlines (2023) කියල තව film දෙකකුත් ආවා.
කතාව ගැන කෙටියෙන් (Spoiler-Free):
තම මවගේ හදිසි මරණයෙන් පසු, තරුණ ජෙෆ් මැතිව්ස් සහ ඔහුගේ පියා නව නගරයකට පදිංචියට යති. එහිදී ජෙෆ්ට නව මිතුරෙකු හමුවන අතර, ඔවුන් දෙදෙනාම අද්භූත බලයක් ඇති බවට ප්‍රචලිත පුරාණ සුසාන භූමියක් ගැන දැනගනී. මියගිය දේ නැවත ජීවයට ගෙන එන බවට කියැවෙන එම ස්ථානය ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන සිදුවීම් රැසකට මඟ පාදයි. මරණය, ශෝකය සහ නැවත ජීවය ලැබීමේ මිල පිළිබඳ ත්‍රාසජනක ගමනක් මෙම චිත්‍රපටය තුළ දිග හැරේ.

Comments