අඳුරු පළිගැනීම

සුසානා කියන්නේ තමන්ගේ තාත්තගේ මරණයට පළිගන්න හිතාගෙන අඳුරු මායාවන් ඉගෙන ගන්න කෙල්ලෙක්. ගම පාලනය කරන බිස්මන් කියන නපුරු මිනිසා කළු මායාවෙන් තාත්තාව මරපු නිසා, සුසානා ඔහු එක්ක ලොකු සටනකට බහිනවා. මේ අතරේ ආගමට දහමට ලැදි ප්‍රමුජා එක්ක ආදරයක් පටන් ගත්තත්, අන්තිමේදී ආදරේද නැත්නම් පළිගැනීමද කියලා තෝරාගන්න ඇයට සිද්ධ වෙනවා.
Azhar Kinoi Lubis අධ්‍යක්ෂණය කරපු, Luna Maya සහ Reza Rahadian ප්‍රධාන චරිත රඟපාන මේ 2026 ඉන්දුනීසියානු Drama, Fantasy, Horror චිත්‍රපටයට IMDb එකේ 5.6 ක අගයක් ලැබිලා තියෙනවා (Netflix). අඳුරු මායාවන්, කුතුහලය සහ ආදරය එකට කැටිවුණු, මුල සිට අගටම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වෙනස්ම විදියේ හොරර් ෆිල්ම් එකක්.

Comments