සතුරන් මැද තනිවී

ඉන්දියාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියලා පාකිස්තානයට යන රහස් ඔත්තුකරුවෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. කිසිම ආරක්ෂාවක් නැතුව සතුරු රටක් ඇතුළට ගිහින් ඒ අයගේ යුද රහස් හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. පොඩි වැරදීමක් වුණත් තමන්ගේ ජීවිතයට විතරක් නෙවෙයි, මුළු රටටම ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙහෙයුමේදී අහුවුණොත් තමන්ගේ රටෙන් පවා කිසිම පිහිටක් ලැබෙන්නේ නැහැ.
Jayprad Desai සහ Shivam Nair එකතුවී අධ්‍යක්ෂණය කළ Mukhbir: The Story of a Spy කියන්නේ සාමාන්‍ය වෙඩි තැබීම් විතරක් තියෙන ක්‍රියාදාම කතාවකට වඩා, බුද්ධිය මෙහෙයවා සිදුකරන රහස් මෙහෙයුම් සහ මනෝවිද්‍යාත්මක ත්‍රාසය (Psychological Thriller) මනාව කැටි වුණු Drama, Thriller නිර්මාණයක්.
Prakash Raj, Adil Hussain, Zain Khan Durrani, Barkha Bisht, Harsh Chhaya සහ Satyadeep Mishra ඇතුළු නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් දායක වෙනවා.
දේශපාලන කුමන්ත්‍රණ සහ ජීවිතයත් මරණයත් අතර සටන මැද, සතුරන්ගේ ඇස් වහලා මේ නිර්භීත ඔත්තුකරුවා තමන්ගේ මෙහෙයුම ඉස්සරහට අරගෙන යන හැටි එක තත්පරයක්වත් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වෙනස්ම විදියේ ත්‍රාසජනක සිනමා අත්දැකීමක්.

Comments