Cast
Go Full Cast Pageඑලීස්ගේ අඳුරු ජිවිතය
2012 වසරේදී බ්‍රසීලයම කම්පනයට පත් කරපු සත්‍ය අපරාධයක් පාදක කරගෙන නිර්මාණය වුණු Elize Matsunaga: Once Upon a Crime (2026) චිත්‍රපටය ධනවත් ව්‍යාපාරිකයෙක් වුණු මාකෝස් මැට්සුනාගා සහ ඔහුගේ බිරිඳ එලීස් අතර ඇතිවුණු විවාහක අර්බුදයක් ඉතාමත් දරුණු ඛේදවාචකයකින් කෙළවර වන ආකාරය නිරූපණය කරනවා. තමන්ගේ සැමියාගේ රහසිගත සම්බන්ධතා ගැන දැනගන්නා එලීස්, ඊර්ෂ්‍යාව සහ කෝපය නිසා ගන්නා තීරණයක් සමඟ ඇගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් වෙනවා.
Felipe Vellasco ගේ අධ්‍යක්ෂණයෙන් 2026 ජූලි මාසයේ නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුණු මේ Crime, Drama, Thriller නිර්මාණයේ එලීස්ගේ චරිතයට Lorena Comparato විසිනුත්, ඇගේ සැමියාගේ චරිතයට Henrique Kimura විසිනුත් පණ පොවනවා.
සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරපු කාන්තාවක් දරුණු මිනීමරුවෙක් බවට පත්වෙලා, සැමියාව ඝාතනය කර සිරුර කැබලිවලට වෙන් කරපු අමානුෂික සිදුවීම සහ ඒ පිටුපස ඇති මනෝවිද්‍යාත්මක පැතිකඩ මෙහි ඉතාමත් තාත්විකව දිගහැරෙනවා. ධනය, බලය සහ පවුල් ප්‍රශ්න මිනිසෙකුගේ මානසිකත්වය විනාශ කරන හැටිත්, ඇය මේ අපරාධය කළේ සල්ලිවලට තියෙන කෑදරකමින්ද නැත්නම් තමන්ගේ දරුවාව රැකගන්න තියෙන බිය නිසාද කියන ප්‍රශ්නාර්ථයත් අවසානය තෙක්ම ප්‍රේක්ෂකයා හමුවේ ඉතුරු කරන වෙනස්ම විදියේ කතාවක් තමයි මේක.











