දේශසීමාවේ සටන

ඇමරිකාවයි මෙක්සිකෝවයි අතර තියෙන බෝඩරේ හරහා කෙරෙන අතිශය භයානක කුඩු ජාවාරමක් නවත්තන්න යන ජැක් රොබිඩෝ කියන හිටපු පොලිස් නිලධාරියා වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. තමන්ගේ පවුලට වුණු පාඩුවක් හිතේ තියාගෙන මේ කේස් එකට බහින ජැක්ට හැප්පෙන්න සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජාවාරම්කාරයෝ එක්ක නෙවෙයි, ඇමරිකානු හමුදාවේ ස්පෙෂල් ෆෝසස්වල හිටපු භයානක කල්ලියක් එක්කයි.
Isaac Florentine අධ්‍යක්ෂණය කරපු, Jean-Claude Van Damme ප්‍රධාන චරිතය රඟපාන මේ 2008 Action, Crime, Thriller චිත්‍රපටය The Shepherd (The Shepherd: Border Patrol) ලෙස හැඳින්වෙනවා. Scott Adkins, Stephen Lord සහ Natalie J. Robb ඇතුළු පිරිසක් මෙහි සෙසු චරිත නිරූපණය කරනවා. CGI නැති ඇඟෙන් ඇඟට හැප්පෙන නියම මාෂල් ආට්ස් ෆයිට්ස්, විශේෂයෙන්ම Van Damme සහ Scott Adkins අතර තියෙන සුපිරි අවසාන සටන නිසාම ඇක්ෂන් ෆිල්ම් පිස්සන්ට කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් පට්ට චිත්‍රපටයක්.

Comments