අවසන් සූදුව

ලාස් වේගාස්වල වැඩ කරන නික් වයිල්ඩ් කියන්නේ දක්ෂ බොඩිගාඩ් කෙනෙක්. හැබැයි මිනිහා සූදුවට දැඩි ලෙස ඇබ්බැහි වෙලා ඉන්නේ. දවසක් තමන්ගේ පරණ යාළුවෙකුට දරුණු විදිහට කරදර කරපු මැරයන්ගෙන් පළිගන්න නික් මැදිහත් වෙනවා. හැබැයි ඒ මැරයන් ප්‍රබල මාෆියා කල්ලියක එවුන් නිසා, නික්ට තමන්ගේ ජීවිතයත් එක්කම අන්තිම පාරටත් ලොකු සූදුවකට බහින්න සිද්ධ වෙනවා.
Simon West අධ්‍යක්ෂණය කළ, Jason Statham ප්‍රධාන චරිතය රඟපාන මේ 2015 Action, Crime, Drama චිත්‍රපටය Wild Card ලෙස හැඳින්වෙනවා. Michael Angarano, Dominik Garcia, Milo Ventimiglia, Sofía Vergara සහ Stanley Tucci ඇතුළු පිරිසක් මෙහි සෙසු චරිත නිරූපණය කරනවා. නිකන්ම නිකන් ඇක්ෂන් විතරක් නෙවෙයි, සූදුව නිසා අමාරුවේ වැටෙන මිනිසෙකුගේ මානසික වැටීමත් එක්කම ස්ටේතම්ගේ සුපුරුදු වේගවත් සටන් ජවනිකා මුසු වුණු පට්ට කතාවක්.

Comments