The Hunter
මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන කාර්තිකා සමග පෙම් සම්බන්ධතාවයකට පැමිණෙන ආදිත්‍යා නැමැති පෙම්වතාගේ හදිසි අභිරහස් ඝාතනය සමග තමයි මේ කතාව පටන් ගන්නේ
ආදිත්‍යගේ මරණයෙන් පස්සේ අවුරුදු දෙකක් තනිවම සිටින කාර්තිකා තම පියාගේ කැමත්ත සතුට වෙනුවෙන් ඔවුන් සොයනා මනමාලයෙකු සමග විවාහ වීමට කැමති වුවත් ඔහුද හදිසියේ අනතුරකට පත් වී මිය යනවා
මින්පසු තවත් තම බාප්පාගේ පුතා සමග විවාහ වීමට කටයුතු සූදානම් කර තිබුණද ඔහුද හදිසියේ සිය දිවි හානි කරගන්නවා
මේ සියලු මරණ අහම්බයක්ද නැතිනම් මිනිමැරුම්ද කියලා පොලිස් පරීක්ෂනයක පසුබිමක් තමයි මේකේ තියෙන්නේ ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලලා මේකේ අභිරහස මොකද්ද කියලා හොයන්න කියලා එහෙනම් තව උපසිරැසියකින් හමුවෙමු සුභ දවසක්
Share
Links
Comments


