The Battle at Lake Changjin (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Chen Kaige, Dante Lam Chiu-yin, Tsui Hark
Cast
Go Full Cast Pageසදා නොමියෙන වීරයෝ…
කොරියානු යුද්ධය ගැන පාදක කරගෙන Sacrifice (2020) චිත්‍රපටියට පස්සේ නිර්මාණය වුණ චීන යුධ චිත්‍රපටිය තමා The Battle At Lake Changjin (2021) .Chen Kai Ge, Tsui Hark, Dente Lam කියන අධ්‍යක්ෂකවරු තුන්කට්ටුවගේ අතින් නිර්මාණය වුණ මේ චිත්‍රපටියට සුපිරි චීන නළු Jing Wu(වූ ක්වන්ලි) වගේම Jackson Yee(වූ වන්ලි),Yihong Duan, Yawen Zhu(මෙයි ෂෙන්ග්), Chen Li(යූ කොන්ග්රෝන්ග්) වගේ ප්‍රසිද්ධ නළු නිළියන් ගොඩක් දායක වෙනවා.
2021 සැප්තැම්බර් 30 තිරගතවීම ආරම්භ කරලා මේ වෙනකොට IMDb අගය 5.2, Rotten Tomatoes අගය 25% කුත් 66%ක ගූගල් පරිශීලක අගයකුත් හිමිවෙලා තියෙනවා.පැය 2යි මිනිත්තු 58ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටිය “රේටින්ග්ස් නං මොකවුණත් මොකද” කියලා හිතෙන්න තිරගතවීම් ආරම්භ කරපු දවසේ ඉඳන් ආදායම් වාර්තා සුනුවිසුණු කරලා අතිශය සාර්ථක විදිහට තිරගත වුණා.ඇ.ඩො.මි 200ක ලොකු බජට් එකකිනුයි මේක නිෂ්පානය කළේ.එතෙක් මෙතෙක් චීන චිත්‍රපටයක් වැයකරපු ලොකුම වියදමත් මේක.කොහොම වුණත් අන්තිමේදී නැවතුනේ ලෝකයේ තිරගත කිරීමෙන් ඩො.මි 909+ ක අති දැවැන්ත ආදායමක් උපයාගෙන.ඒ තමයි එතෙක් මෙතෙක් චීන චිත්‍රපටියක් උපයාගෙන තියෙන ලොකුම ආදායම වගේම ඉංග්‍රීසී නොවන චිත්‍රපටියක් උපයාගෙන තියෙන විශාලම ආදායම.ඒ වගේම 2021 අවුරුද්දේ දෙවෙනියට ඉහළම ආදායම් ලබපු චිත්‍රපටිය වෙන්නෙත් මේ The Battle At Lake Changjin. ජාත්‍යන්තර සම්මාන උළෙලවල්වලදී සම්මාන 04ක් වගේම නිර්දේශ වීම් 11කටත් පාත්‍රවෙන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.
චිත්‍රපටියට පාදක වෙන්නේ 1950 කොරියානු යුද්ධයේ විශේෂ සන්ධිෂ්ඨානයක් වෙන ඇමරිකානු හමුදාවයි චීන ස්වේච්ඡා හමුදාවයි අතරේ දරුණු සටන් ඇවිළුණු චන්ග්ජින් විලේ සටන ගැනයි.මේ තමයි කොරියානු යුද්ධයේ චීන හමුදාවේ ජය තහවුරු කරන්න පදනම වුණ විශේෂ සටන.තමන්ගේ රට වෙනුවෙන් ජීවිතය පවා පූජාකරලා කැපකිරීම මගින් මේ යුද්ධය නිමා කරන්න චීන සොල්දාදුවන්ගේ නොපසුබස්නා උත්සහය,ධෛර්ය ගැන මේ චිත්‍රපටියෙන් අපිට බලාගන්න පුළුවන්.
–විල අවට චීන හා එක්සත් ජනපද හමුදා අතර ඇතිවුණ ගැටුම්-
ඒ වගේම තමා චිත්‍රපටියේ දෙවැන්න විදිහට The Battle At Lake Changjin II: Watergate Bridge මේ 2022 අවුරුද්දේ තිරගතකරනවා කියලත් නිවේදනය කලා.
- The Battle at Lake Changjin (2021)
- The Battle at Lake Changjin 2 (2022)





