කරුම දවසක්

ඩිලිවරි කොල්ලෙක් තමන්ගේ හිතගිය කෙල්ල වෙනුවෙන් ලොකු අවදානමක් අරන් අලුත් වැඩකට අතගහනවා. හැබැයි සැලසුම් කරපු විදිහට වැඩේ වෙන්නේ නැතුව, නාඳුනන තව කෙනෙකුත් මේකට පැටලෙද්දී එක දවසක් ඇතුළේ මුළු සිදුවීමම කණපිට හැරෙනවා. ප්‍රශ්නවලින් බේරෙන්න හදන හැමවෙලාවෙම තවත් අවුලක වැටෙන මේ කට්ටියගේ රහස් එක්ක මුළු දවසම අමුතුම අවුල් ජාලාවක් බවට පත්වෙන හැටි කතාව පුරාම දිගහැරෙනවා.
Krishnanunni Mangalath අධ්‍යක්ෂණය කළ, Akhil Sreekumaran, Gowri Kutty, Saji Sopanam සහ Sreekumar R Nair ඇතුළු පිරිසක් රඟපාන මේ 2026 ජූලි 24 වෙනිදා නිකුත් වූ මලයාලම් Comedy, Thriller චිත්‍රපටය iPhone සහ සාමාන්‍ය DSLR කැමරා පාවිච්චි කරලා අතිශය අඩු වියදමකින් නිර්මාණය කරපු එකක්. මිනිසුන්ගේ අසරණකම සහ කරුමය පදනම් කරගත් Dark Comedy ආතල් එකක් එක්ක කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් පට්ටම වෙනස් එකක්.

Comments