සැක අඳුර

පරණ කාලෙක රදළ පවුලක් වටා ගොඩනැඟුණු මේ කතාවෙන්, මුදල් සහ බලතල නිසා මුළු පවුලක්ම ඇතුළෙන් දිරාපත් වී යන හැඩරුව පෙන්වනවා. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ගැන හිතේ ඇති කරගන්නා පොඩි සැකයක් මානසික පීඩනයක් දක්වා දුරදිග ගිහින්, මුළු පරම්පරාවක්ම විනාශ කරලා ජීවිත බිලිගන්නා හැටිත්, පිටතට මහා ලොකු නම්බුවක් පෙන්නුවට හිත් ඇතුළේ තියෙන අඳුරු රහස් එළියට එද්දී ඒ මුළු වලව්වම සුසාන බිමක් බවට පත්වෙන හැටිත් අපූරුවට දිගහරිනවා.
අපේ ලංකාවේ පරණ වලව් ඇතුළෙත් හැංගිලා තිබුණු කුල උඩඟුකම, කුහකකම සහ සැකය නිසා පවුල් පිටින් විනාශ වුණු කතා අපිට මතක් කරවන මේ “Rao Bahadur” කතාව මුල ඉඳන්ම පට්ටම අභිරහස් බවකින් ප්‍රේක්ෂකයාව බැඳ තබාගන්න සමත් වෙනවා. ‘Uma Maheswara Ugra Roopasya’ සහ ‘Bluff Master’ වගේ ෆිල්ම් වලින් තමන්ගේ දක්ෂතාවය පෙන්වපු සත්‍යදේව් කාංචරාන ප්‍රධාන චරිතයෙන් තමන්ගේ ඇස් දෙකෙන්ම ඒ රදළ අහංකාරකම සහ මානසික පීඩාව නියමෙටම ප්‍රකාශ කරනවා. අධ්‍යක්ෂක වෙන්කටේෂ් මහාගේ මනඃකල්පිත නිර්මාණයක් වුණත් හිතට තදින්ම වදින, කුතුහලයෙන් පිරුණු වෙනස්ම විදිහේ කතාවක් බලන්න ආස ඔයාලා හැමෝටම මේ ෆිල්ම් එක බලන්න එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා!

Comments