One Love! One Chance!

2016 තායි චිත්‍රපටියක් නිකුත් වෙනවා One Day කියලා. මේක අපි සයිට් එකේ දිලාත් තියනවා. අන්න ඒ චිත්‍රපටියේම ප්‍රතිනිර්මාණයම තමයි මේක. තායි එක ඔයා බලලා නැත්නම් හෝ බලලා තියේ නම් මේකත් අරන් බලන්න. මොකද චිත්‍රපටි දෙකේ අවසානය නම් ටිකක් විතර වෙනස්…
අපි කතාව පැත්තට ආවොතින්, දිනේෂ් කියන්නේ ඔෆිස් එකේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කොල්ලෙක්. ඇත්තටම දිනේෂ්ට වැඩි යාළුවෝ වත් නැහැ. දිනේෂ් ගේ හිත ගිය ගැණු ළමයා තමයි මීරා කියන්නේ… මීරාව දිනේෂ්ට පෙම්වතිය කරගන්න තියා යාළුවෙක් කරගන්නවත් ලේසි වෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ තත්වය දන්න දිනේෂ් පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. මේ අතර වාරයේ තමයි ඔෆිස් එකෙන් කට්ටියව ජපානේට ට්‍රිප් එකක් එක්කන් යන්නේ. මෙයාලා ජපානේට ගිහින් නැවතිලා ඉන්න තැන ඇතින් පොඩි ඝන්ඨාරයක් තියනවා… ඒක ගහලා තමන් අවංක හිතින් ඉල්ලුවොත් දෙයක් නොලැබි යන්නේ නැහැ කියලා එහේ මතයක් තියනවා. ඉතින් දිනේෂ් එක දවසක් හරි මිරාව තමන්ගේ පෙම්වතිය කරලා දෙන්නකෝ කියලා ඉල්ලනවා… මේ ඉල්ලිම ඉටු වෙනවා.. ඒ ඉටු වෙන්නේ කොහොමද වගේ දෙවල් දැනගන්න වෙන්නේ චිත්‍රපටිය නරඔලාම තමයි…
මෙහි මිරා විදියට සායි පල්ලවි වගේම දිනේෂ්ට රඟපාන්නේ ජූනයිද් ඛාන් විසින්. සුනිල් පාන්ඩේ අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් නම් සාර්ථක උනේ නැහැ. සමහර විට රිමේක් එකක් නිසාත් වෙන්න ඇති. කොහොම හරි අරන් බැලුවාට නම් පාඩුවක් වෙන්නේ නැහැ කියලා කියන ගමන් සමුගන්නවා හැමෝටම සුභ දවසක්..

Comments