Cast
Go Full Cast Pageමරණය පරදවා ජිවිතයට පැරදුණු මිනිසා
කතාව ආරම්භ වන්නේ 1857 ශීත සෘතුවේදී උත්තර ධ්‍රැවය සොයා යන, ග්ලැසියර් හිම අතර සිරවූ නැවකින්. නැවේ කපිතාන් ඇන්ඩර්සන් (Lars Mikkelsen) ඇතුළු පිරිසට හිම කතර මැද බරපතල ලෙස තුවාල ලබා සිටින වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් (Oscar Isaac) නම් විද්‍යාඥයා හමුවෙනවා. ඔහුව නැවට ගෙනෙන විටත්, දැවැන්ත අද්භූත ජීවියෙකු ඔහුව සොයාගෙන නැවට පහර දෙනවා. නැවියන් යන්තමින් එම ජීවියා පලවා හැරීමෙන් පසු, තමා සහ එම බියකරු ජීවියා අතර ඇති අඳුරු අතීත කතාව වික්ටර් කපිතාන්ට විස්තර කිරීමට පටන් ගන්නවා.
කුඩා කාලයේදී මවගේ (Mia Goth) අකල් මරණය සහ දැඩි ලෙස සැර-පරුෂ පියාගේ ( Charles Dance ) බලපෑම නිසා කුඩා වික්ටර් ( Christian Convery )මරණය පරාජය කර අලුත් ජීවයක් නිපදවීමට පෙළඹෙනවා. වෛද්‍ය විද්‍යාලයෙන් ඔහුව නෙරපා හැරීමෙන් පසු, ධනවත් වංශාධිපතියෙකුගේ (Christoph Waltz) මුල්‍ය අනුග්‍රහය ඇතිව අඳුරු බලකොටුවක තමන්ගේ පරීක්ෂණාගාරය පිහිටුවනවා. යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ සහ අපරාධකරුවන්ගේ ශරීර කොටස් එකතු කරමින් අකුණු සැරයේ විදුලි බලයෙන් ඔහු නව ජීවියෙකුට (Jacob Elordi) පණ දෙනවා. නමුත් තමා සෑදූ ජීවියා තමා සිතූ තරම් බුද්ධිමත් නොවන බවත්, ඔහුගේ බාහිර පෙනුම බියකරු බවත් දකින වික්ටර්, පියාගෙන් තමාට ලැබුණු ආක්‍රමණශීලී ස්වභාවයම පෙන්වමින් එම ජීවියාට වෛර කරන්න පටන් ගන්නවා. අවසානයේ පරීක්ෂණාගාරයට ගිනි තබා එම ජීවියාව විනාශ කිරීමට වික්ටර් උත්සාහ කළත්, ජීවියා ගින්නෙන් බේරී පලා යනවා.
කිසිවක් නොදන්නා අලුත උපන් ළදරුවෙකු මෙන් ලෝකයට පැමිණෙන ජීවියාට මිනිස් සමාජයෙන් ලැබෙන්නේ පිළිකුල, හිංසනය සහ ගල් ප්‍රහාරයි. වනාන්තරයේ සැඟවී ජීවත්වන අතරතුර, අන්ධ මහලු මිනිසෙකු සහ කුඩා දැරියක හමුවන ඔහු, ඔවුන්ගෙන් ආදරය, අනුකම්පාව මෙන්ම කතා කිරීමේ හැකියාවද ප්‍රගුණ කරනවා. තමා සතුටින් සිටීමට දැරූ උත්සාහයන්ද වික්ටර් නිසා අසාර්ථක වන විට, තමාට මෙවැනි තනිවූ, ඛේදනීය ඉරණමක් අත්කර දුන් තමන්ගේ “පියා” හෙවත් වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගෙන් පළිගැනීමට ඔහු ලොව පුරා ලුහුබැඳ යාම ආරම්භ කරනවා. ඔහුගේ පළිගැනීම සාර්ථක වෙයිද? වික්ටර්ට තමන්ගේම නිර්මාණයෙන් බේරී පළා යාමට හැකිවෙයිද? සදාතනික ජීවිතය ශාපයක් වුණු ජීවියාට සිය අභිමතය පරිදි ජීවිතය අවසන් කරගත හැකිවෙයිද?සිනමාපටය බලලාම ඉතුරු ටික දැනගන්න එහෙම නම්…
තමාගේම නිර්මාණයට බිය වූ මිනිසෙකුගේ සහ ආදරය සොයාගිය අසරණ ජීවියෙකුගේ අනුවේදනීය කතාන්දරයක් ඇතුළත් අඳුරු සුන්දරත්වයකින් සහ ප්‍රබල රංගනයන්ගෙන් පිරි මෙම අඳුරු සිනමා අත්දැකීම, උසස්ම මට්ටමේ සිංහල උපසිරැසි සමඟින් නරඹන්න.











