Cast
Go Full Cast Pageනොහඳුනා මිනිස්කම….
අපි මිනිසුන් හැටියට ජිවිත කාලයක් පුරා සතුරන් යැයි කියා ගන්නා පිරිසක් හට වෛර කරනවා ඇති, තවත් විටෙක මිතුරන් යැයි කියා ගන්නා පිරිසක් වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය කැප කරනවා ඇති, ඒ අපි ඔවුනට අප හිත තුල වෙන්කර ඇති ඉඩ නිසාවෙන්. නමුත් මේ මිනිසුන් වෙනස් විය හැකි ද? නැතිනම් ඔවුන් සදා කාලික අප හිතේ ඔවුන්ගේ සීමාවන් හිම පැලපදියම් වී සිටිනු ඇති ද ? මේ යම් තරමකින් හෝ එම ගැටළුව දෙන හැරී බැලීමට, කිසියම් දෙයක් ජිවිතයට එක්කාසු කරගෙන මිනිසෙකු ලෙස ඉදිරියට යෑමට ගන්නා පියවරක මුල් පිය සටහනයි….
කපිතාන් ජෝසපෙන් බ්ලොකර් නම් වන ඔහු යුධ වීරයෙක්, ඉන්දියානු ඝාතකයෙකු ලෙස නමක් දිනා ගත පුද්ගලයෙක්. දැන් ඔහුගේ හමුදා ජිවිතයට සමුදෙන්න කාලය ඇවිදින්. නමුත් ඔහුට භාර වෙනවා අවසාන මෙහෙයුමක්, නමුත් මේ මෙහෙයුම වෙනුවෙන් ඔහුගේ නම් කිසිදු කැමැත්තක් නැහැ…මීට හේතුව වෙන්න ඔහු හා යුධ බිමේ උරෙනුර ගැටුන ඔහු පසෙක තමුන්ගේ රට වෙනුවෙන් ජීවිතය පුජා කල තමුන්ගේම සොහොයුරන් නිසාවෙන්…. ඔහුගේ මෙහෙයුම වෙන්නේ මේ සොහොයුරන් මරුතුරුලට යැවු ෂයෑන් ඉන්දීය නායකා නැවතත් ඔහුගේ මව් භුමිය වෙත ගෙනයාම… නමුත් නියෝග හමුවේ උදාර හමුදා නිලධාරියෙක් ලෙස ඔහු ඔහුගේ අවසාන රාජකාරිය නිමකර ලන්නයි සුදානම…
ගෝත්‍රික නායක යෙලෝ හෝක් නම් වන ඔහු තමුන්ගේ ජිවිත කාලය පුරාම තමුගේ මිනිසුන් වෙනුවෙන් යුධ බිම තමුන්ගේ රුධිරයෙන් මෙන්ම සතුරන්ගේ රුධිරයෙන් නැහැවුවෙක්… නමුත් සතුරා අතට පත්වී වසර හතක ගෙවෙන තැන ඔහු ඉල්ලීමක් කරනවා තමුන්ගේ මව් භුමිය වෙත යන්නට අවසර දෙන ලෙස, ඒ ඔහුගේ අවසන් හුස්ම පොද තමුන් උපන් භුමියේ වලාගැබට නැවතත් එක්කාසු කරන්නට….
රොසලින් නම් වන ඇය තමුන්ගේ සැමියා හා කෙලි පැටවුන් දෙදෙනාත් එකක් කුඩා බිළිදෙකු තුරුළු කරගෙන සාමයෙන් තමුන්ගේ ජීවිතය ගෙවන කෙනෙක්… නමුත් මේ ජිවිතයට කණ කොකා හඬන්නේ ඉන්දියානු ගෝත්‍රික ප්‍රහාරයක් මේ සියල්ල ඇයගෙන් උදුරා ගැනීමත් එක්කයි… සියල්ල නැති වුන ගැහැනියක් ලෙස කපිතාන් හා ඔහුවේ පිරිසට තමුන්ගේ මෙහෙයුම අතරමග දී හමුවෙන ඇය ඔවුන් හා එක්වන්නේ එය ඇයගේ අවසාන අවස්තාව නිසාවෙන් ද ?
ඉතින් මේ පරස්පර විරෝධී මිනිසුන් එකිනෙකා දකින්නට තමුන්ගේම කෝණ ජිවිත කාලයක් පුරා නිර්මාණය කරගෙන අවසානයි… මෙවැනි මිනිසුන් තමුන් මෝන්ටෑනා ප්‍රාන්තය වෙත යන ගමන කෙලෙස ගත කරාවි ද? ඔවුන් ගමනේ ආරම්භයේ සිටි මිනිසුන්ම වේවි ද? මිනිසුන්ට වෙනස් විය හැකි ද? මෙලෙස වෙනස් වෙන මිනිසුන්ගේ අවසානය කෙබදු එකක් වේවි ද? මේ සියල්ල පැය 2 කුත් මින්ත්තු 14 තුල කෙරෙන මේ සොදුරු කතිකාවත තුල ඔබට දැකගත හැකි වේවි.
Crazy Heart, Black Mass, Out of the Furnace වැනි නිර්මාණ අපගේ රසවින්දය වෙනුවෙන් තිලිණ කල Scott Cooper ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ සලරුව Donald E. Stewart විශිෂ්ඨ අත්පිටපතක් ආධාරයෙන් අධ්‍යක්ෂකවරයා විසින්ම නිර්මාණය කරනා ලද පිටපතක්. ඔස්කා සම්මාන ලාභී සුපිරි නළු Christian Bale එහෙමත් නැති නම් හැමෝම දන්නා හැටියට මින් පෙර Bat Man තිරයේ විස්කම් පෑ ඔහු තමයි තවත් ඔස්කා සම්මානයට නාම යෝජනා ලද නිළියක වන Rosamund Pike (Gone Girl) හා Wes Studi සමඟ මෙහි ප්‍රධාන චාරිත තුන වෙනුවෙන් සම්බන්ධ වන්නේ. ඔවුනට අමතරව Stephen Lang, Jesse Plemons, David Midthunder, Rory Cochrane, Timothée Chalamet වගේම Paul Anderson සමඟ Ben Foster මෙහි චරිත නිරුපනය කරනවා.
1892 වන් ඈත කාලයක සිදුවීමක් අලලා නිර්මාණය වුන මේ Adventure, Drama, Western කාණ්ඩ නියෝජනය කරනා සිනමා නිර්මාණය IMDB 7.3 කුත්, රෝටන් ටෝමාරෝ මීටරයට අනුව 73% අගයකුත් ලබාගෙන තිබෙනවා. එහෙනම් ඔබට භාරයි මේ චරිත තුනක් සමඟ වන වදින්නට… වෙනස් වන හෝ නොවෙනස් මිනිසුන් මෙන් වනයෙන් එලියට එන්නට. එක දෙයක් කියන්නම් අවසානයේ මේ චිත්‍රපටය ආරම්භයේ ඔබට එන තරහව අවසානයේ වෙන අතකට ඔබටත් නොදැනීම හැරවෙනවා නිසැකයි.











