අවසාන ණය ගෙවීම

ආයුබෝවන් යාළුවනේ ඔන්න අද මම අරගෙන ආවේ ගොඩක් අය ආසාවෙන් බලන් හිටපු 2026 ජූලී 10 වන දින දෙමළ භාෂාවෙන් නිකුත් කරපු කොලිවුඩ් සිනමාවේ නළු රජු අපි කවුරුත් දන්න ධනුෂ් විසින් හඳුන්වලා දුන්න, නාග දුර්ගා, සෙල්වරාගවන් රංගනයෙන් සහ මහේෂ් රාජේන්ද්‍රන් අධ්‍යක්ෂණයෙන් එළිදැක්වූ “Love OhLove” චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි ඉතින් මේ චිත්‍රපටයේදී හීරෝ පවිෂ් (රඝුවරන්) මුලදීම කෙල්ලෙක්ට ආදරේ කරලා රවට්ටලා ඩුබායි වලට පැනලා යනවා කියලා පොලිස් නිලධාරී සෙල්වරාගවන් පවිෂ්ව අත්අඩංගුවට ගන්නවා. එතැනට ආව කාන්තා සංගමය පවිෂ්ට දරුණු දඬුවමක් දෙන්න ඕන කියලා උද්ඝෝෂණය කරනවා. පවිෂ් තමන්ගේ කතාව සෙල්වරාගවන්ට කියනවා.
පවිෂ් නාග දුර්ගාව (අවන්තිකා) ගමන්ම ආදරේ කරනවා. “ඇය වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්” කියලා ආදරේ කරනවා. නාග දුර්ගා නම් පවිෂ්ගේ තත්ත්වයට වඩා වැඩියෙන් වියදම් කරවනවා. එයාත් ණය වෙලා එයාගේ ආදරේ වෙනුවෙන් වියදම් කරනවා. ණයකාරයෙක් වෙනවා.
ඒ අතරේ නාග දුර්ගා යම් යම් හේතු නිසා වහාම විවාහ වෙන්න ඕන කියනවා. ඒ වෙලාවේ නාග දුර්ගාගේ අම්මා ඇවිත් “පවිෂ් කියන්නේ ණයකාරයෙක්. එයා කොහොමද මගේ දුවව බලාගන්නේ” කියලා පවිෂ්ගේ තාත්තා K S රවි කුමාර් ඉස්සරහ පොලිස් ස්ථානයේ හැමෝම ඉස්සරහ පවිෂ්ව ලැජ්ජා කරනවා.
*ඊට පස්සේ හිත කැඩිලා පවිෂ්ට කේන්ති යනවා. ඒ අතරේ පවිෂ්ට රස්සාවත් නැති වෙනවා. ආදරය නිසා එයාගේ ජීවිතේ සතුට ඔක්කොම නැති වෙනවා. පවිෂ්ගේ ජීවිතේට මොකද උනේ? එයාලගේ ආදරේට මොකද උනේ? කියන එක තමයි ඉතිරි කතාව.
පවිෂ් දිහා බලද්දි අපිට “Thiruvilayadal Aarambam” කාලේ හිටපු ධනුෂ් මතක් වෙනවා. ඒ වගේම සමහර තැන් වල ධනුෂ්ගේ mannerism, කටහඬ පවා එයා වගේම එනවා. ආදරේ වෙනුවෙන් පර්ස් එකේ සල්ලි ඔක්කොම වියදම් කරලා, පවුලෙන්, සමාජයෙන් ලැජ්ජා විඳින්න සිද්ධ වෙනවා නාග දුර්ගා කියන්නේ “ඉරිටේට් කරන” හීරොයින් කැරැක්ටර් එකක් කියලම තමයි එයාව කොන්ට්‍රැක්ට් කරලා තියෙන්නේ වගේ. ඒකත් එයා හොඳටම කරලා තියෙනවා. මේකට අමතරව පොලිස්කාරයෙක් විදියට එන සෙල්වරාගවන්, මාතෘ සංගමයේ වනිතා වගේ තවත් කැරැක්ටර් කිහිපයක් හොඳට රඟපාලා තියෙනවා.
මේ චිත්‍රපටය “ආදරය – ගැටුම – වෙන්වීම – ඊට පස්සේ පලිගැනීමක්” වගේ යනවා. ඒකේ සමහර තැන් රස විඳින්න පුළුවන් වුනත් ගොඩක් තැන් අපිව “ටෙස්ට්” කරනවා. අපි ඉන්නේ මොන කාලේද? තාමත් කොල්ලෝ ආදරේට වියදම් කරනවා, කෙල්ලෝ වියදම් කරවනවා කියන වගේ 90s සිනමා dialogue ත් එකතු කරලා තියෙනවා දකින්න පුළුවන්.
ඒත් එක්කම මේ ෆිල්ම් එක විනෝදෙන් ගෙනියන්න ඕන කියල තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ අතරතුරේ තැනින් තැන emotional scenes පවිෂ්ගේ පවුල තියාගෙන try කරලා තියෙනවා. දෙවන භාගයේදී තමන්ට වෙච්ච පීඩාව, නැති උන සල්ලි ඔක්කොම වලට නාග දුර්ගාගෙන් පලිගන්න පවිෂ් කරන දේවල් අපිට බලාගන්න පුළුවන්. ඉතින් මේකේ සින්දු ටික නම් නියමෙටම දීලා තියෙනවා ෆිල්ම් එක පුරාවටම “ජාති අභිමානය, ප්‍රචණ්ඩත්වය” පෙන්නලා, ඊට පස්සේ “ජාති එපා, ප්‍රචණ්ඩත්වය එපා” කියනවා වගේ. ෆිල්ම් එක පුරාවටම “මේ කෙල්ලෝ ඔක්කොම මෙහෙමයි” කියලා කතා කරලා, අන්තිමේදී ආපහු හැමදාම වගේ “ගැහැණු හැමෝම දෙවිවරු” range එකේ scene එකක් දාලා normalise කරලා තියෙනවා.එහෙනම් ඉතින් මේ ෆිල්ම් එකත් මිස් නොකර බලන්න

Comments