අවසාන පිස්සු කෙළිය

ඔන්න අද මම අරන් ආවේ 2026 ජූනි මාසේ නිකුත් වුණු, Jackass ෆ්‍රැන්චයිස් එකේ අවසාන චිත්‍රපටයට සිංහල උපසිරැසියයි!
කතාව පැත්තට ගියොත්, අවුරුදු 30කට ආසන්න කාලයක් පුරා අපිට අමුතුම විදියේ පිස්සු වැඩ, ආතල් අරන් ආපු Jackass කල්ලියේ අවසානම සිනමා ගමන තමයි මේක.
Jeff Tremaine අධ්‍යක්ෂණය කරපු විනාඩි 92ක මේ ෆිල්ම් එකෙන්, එයාලගේ අලුත්ම පිස්සු වැඩ වගේම අතීතයේ කරපු අමතක නොවන සුපිරිම මතකයන් එකතු කරලා මරු සමුගැනීමක් ලබා දෙනවා.
Jackass කල්ලියේ වැඩ බලලා සතුටු වුණු, Comedy සහ Danger Stunts වලට ආස හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්!
හැබැයි තව එකක්… මේක 18ට වැඩි අය බලනවා නම් තමයි වඩාත්ම හොඳ! තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments

August 22, 2026

මේකෙ Franchise එකටම පුළුවන් නම් දෙන්නකො 🫡