Cast
Go Full Cast Pageදෙවිවරුන්ගේ නිර්මාණ
මේක 2025 අවුරුද්දේ රිලීස් වුණු චීන ‘epic fantasy’ කාණ්ඩයේ චිත්‍රපටයක්. Wuershan කියන අධ්‍යක්ෂවරයා තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එක චීනයේ 16 වෙනි සියවසේ ලියවුණු ‘Investiture of the Gods’ කියන නවකතාව පාදක කරගෙන හදන ෆිල්ම් තුනේ සෙට් එකේ (trilogy) දෙවෙනි ෆිල්ම් එකයි. පළවෙනි එක ‘Kingdom of Storms’ විදිහට ආවා.
පළවෙනි ෆිල්ම් එකේ දරුණු පාලකයෙක් වුණ ෂැං (Shang) රාජවංශයේ ‘චෞ’ (Zhou) රජු බලයට ආවට පස්සේ, මේ දෙවෙනි ෆිල්ම් එකෙන් පෙන්නන්නේ ෂැං හමුදාවෙන් Xiqi නගරයට එල්ල වෙන ප්‍රහාරය සහ නගරය බේරගන්න කරන සටනයි. කතාවේ හැටියට ජියෑං සියා (Jiang Ziya) සහ ජී ෆා (Ji Fa) කුන්ලුන් (Kunlun) අමරණීයයන් එක්ක එකතු වෙලා සාමාන්‍ය මිනිස්සුන්ව සංවිධානය කරනවා Xiqi නගරය ආරක්ෂා කරගන්න.
මේ අතරේ නෙජා (Nezha) සහ යැං ජියෑන් (Yang Jian) විසින් මියගිය ෂැං රාජවංශයේ හිටපු ඔටුන්න හිමි කුමාරයා වුණ ‘යින් ජියාඕ’ගේ (Yin Jiao) ශරීරය ආපහු ජීවත් කරවන්න (resurrect) කුන්ලුන් වලට අරගෙන එනවා. මේක ස්වභාවධර්මයට විරුද්ධයි කියලා ගොඩක් අය විරුද්ධ වුණත් ‘The Great Saint’ තීරණය කරනවා එයාව ජීවත් කරවන්න. හැබැයි එයාට තේරෙනවා ජියාඕගේ ආත්මය පිරිලා තියෙන්නේ එයාගේ තාත්තා (Yin Shou) ගැන තියෙන වෛරයෙන් සහ පළිගැනීමේ චේතනාවෙන් කියලා. මේ නිසා ජියාඕ The Great Saint ගේ බලය උරාගන්නවා. අනිත් පැත්තෙන් නරියෙක්ගේ ආත්මයක් (fox spirit) මගින් ආපහු ජීවය ලබන යින් ෂූ (Yin Shou) රජතුමා, අවුරුදු 10ක යුද්ධයකින් පස්සේ තමන්ගේ හමුදාපතිවරු සහ ග්‍රෑන්ඩ් ප්‍රිසෙප්ටර් වෙන් චොන්ග් (Wen Zhong) ව Zhaoge නගරයට ආදරයෙන් පිළිගන්නවා.
මේ ෆිල්ම් එක චීන අලුත් අවුරුද්දට සමගාමීව 2025 ජනවාරි මාසේ පෙන්නුවත්, පළවෙනි ෆිල්ම් එකට වඩා ගොඩක් අඩුවෙන්, ඒ කියන්නේ ඩොලර් මිලියන 169ක වගේ ආදායමක් තමයි හොයලා තියෙන්නේ. කොහොම වුණත් මේකේ තුන්වෙනි ෆිල්ම් එකත් (Creation of the Gods III) දැන් හදලා ඉවර වේගෙන එනවා කියලා නිෂ්පාදන සමාගම කියලා තියෙනවා.











