Cast
Go Full Cast Pageඔන්න අද අරගෙන ආවේ 2026 අවුරුද්දේ සිනමා ශාලාවලට නිකුත් වෙලා ලොකු කතාබහකට ලක්වුණු සුපිරිම දෙමළ චිත්‍රපටයක්. Horror, Psychological සහ Thriller ගණයට අයිති වෙන මේ සුපිරි සලරුව තමයි ‘Dark’. දැනට IMDb දර්ශකයේ මේ චිත්‍රපටයට 6.6 ක වගේ ඉහළම මට්ටමක රේටින් එකක් ලැබිලා තියෙන නිසා කතාවේ කොලිටිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. බයවෙන්න කැමති, හිතාගන්න බැරි හොරර් අත්දැකීමක් හොයන ගැලපෙන නිර්මාණයක්. මේ සුපිරි නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන Kalyan K. Jegan විසින් වන අතර මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. කතාව ලියලා තියෙන්නේ ‘Dada’ (2023) වැනි සුපිරි ජනප්‍රිය චිත්‍රපටයක් අපිට දායාද කරපු දක්ෂ ලේඛක Ganesh K. Babu විසිනුයි. රංගනය පැත්තෙන් බැලුවොත් ප්‍රධාන නළුවා විදිහට අලුත් මූණක් වෙන Ajay Karthi සිනමාවට හඳුන්වා දෙන අතර ප්‍රධාන නිළිය විදිහට දක්ෂ රංගන ශිල්පිනී Anchana Nethran මෙයට දායක වෙනවා. ඔවුන්ට අමතරව ප්‍රවීණ සිනමාකරුවෙක් සහ නළුවෙක් වෙන K. Bhagyaraj වගේම ජනප්‍රිය නළු Natraj Subramani (Natty) සහ VTV Ganesh ද මෙහි සුපිරි චරිත රඟදක්වනවා. කතාව පැත්තට හැරුණොත්, මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ කිසිම ආගමක් හෝ බලවේගයක් විශ්වාස නොකරන තදින්ම අදේවවාදියෙක් (Atheist) වෙන තරුණයෙක්. මෙයා කාලෙක ඉඳන් අතහැරලා දාලා තිබුණු, අද්භූත අතීතයක් තියෙන පරණ ගෙදරක කුලියට පදිංචියට එනවා. පදිංචියට ආවට පස්සේ ඒ ගෙදර ඇතුළේ අමුතුම විදිහේ අද්භූත දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙයාගේ මුළු ජීවිතයම උඩුයටිකුරු වෙලා, එයා මෙතෙක් කල් විශ්වාස නොකරපු නොපෙනෙන බලවේගයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතනින් එහාට එයාට මොකද වෙන්නේ, මේ අඳුරු බලවේගයෙන් බේරෙන්න මෙයා මොකද කරන්නේ කියලා දැනගන්න චිත්‍රපටය නරඹන්නම වෙනවා. ඉතින් මේ ලොමුදැහැගන්වන සුපිරි හොරර් අත්දැකීම උපරිමයෙන්ම විඳගන්න කියලා cinesubz.lk සිනමා ලෝලී හැමෝටම මේ සුපිරි භීතිකාව අත්විඳින්න! ආරාධනා කරනවා. ජය වේවා!


