Feed (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Marco van Belle
Year:2026
Subtitle By: යොහාන් සම්පත් (Baiscope.lk)
Cast
Go Full Cast Pageලෙයින් අවදි වූ වැම්පයර්
සුබ දවසක් හැමෝටම! 2026 වසරේ අලුත්ම Vampire චිත්‍රපටය Hollywood horror වලට වෙනස්ම රසයක් ගේන Feed (2026) කියන්නේ අයර්ලන්ත ජනකතා පාදක කරගත්තු අලුත්ම වැම්පයර් චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය සහ තිර රචනය කරලා තියෙන්නේ Marco van Belle විසින්. Saban Films මගින් බෙදාහරින මේ චිත්‍රපටය 2026 අගෝස්තු 14 වෙනිදා Digital පිටපත් නිකුත් වුණා.
කතාව ගැන –
තම පවුලේ සාමාජිකයන් අහිමිව මානසිකව කඩා වැටිලා ඉන්න තරුණියක් වන ඕර්ලා ව සනීප කරන්න එයාගේ යාළුවෝ ටිකක් එක්ක අයර්ලන්තයේ දුර ප්‍රදේශයක තියෙන හුදෙකලා පැරණි මන්දිරෙකට සතිඅන්තය ගත කරන්න යනවා හිතුවේ සතුටින් කාලය ගත කරන්න වුණාට, එයාල සිද්ද වෙන්නේ හිතපු නැති දේකට මුහුන දෙන්න. අයර්ලන්ත ජනකතා වල කියවෙන Dearg-Due කියන පුරාණ වැම්පයර් රාක්ෂයා සාමාන්‍ය වැම්පයර් කෙනෙක් නෙවෙයි. මිනිස්සුන්ගේ මනස බිඳලා, බලාපොරොත්තු පාවිච්චි කරලා එයාගේ ගොදුරු අල්ලගන්න පුලුවන් විදියේ අමුතු වැම්පයර් කෙනෙක්. ඉතින් ඔවුන්ට කුමකට මුහුන දෙන්න වෙයිද?, ඒ වැම්පයර්ගෙන් බේරෙන්න පුලුවන් වෙයිද?,…
ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ:
Grace Collender – Orla Ryan Clinton Liberty – Lorcan Daisy Jelley – Nessa Rhys Mannion – Austin Niamh Hogan – Dearg Due
මෙහි රෘගත කිරීම් සිදුවෙලා තියෙන්නේ අයර්ලන්තයේ සැබෑ පැරණි මන්දිර සහ වනාන්තර වල. ඒ නිසා චිත්‍රපටයට ලැබෙන අඳුරු ගතිය සහ භයානක ගතිය හොඳටම තියෙනවා. නිෂ්පාදනය කරලා තියෙන්නේ Ripple World Pictures, Big Safari Productions සහ Umedia එක්වයි.
මොකක්ද Feed එකේ වෙනස? Twilight වගේ romantic vampire කතාවක් නෙමෙයි.
මේක අයර්ලන්ත ජනකතා ආශ්‍රිතව හදපු චිත්‍රපටයක්.
IMDb Rating: 3.7/10 Genre: Horror, Thriller, Vampire Language: English Duration: 83 mins
ඉතින් මම කරපු පළමු උපසිරැසි ගැන්වීම නිසා හැමෝටම චිත්‍රපටය රස විදින්නට ආරාධනා කරමින් මම ගැන ලිපියක් පහලින් සටහන් කරන්නම්.
මම ගැන
ඔන්න ඉතින් හා හා පුරා කියලා උපසිරැසි කරන්න පටන්ගත්තා. මට මේක 2021 විතර ඉඳන් තිබුණ ආසාවක්. මම සිංහල උපසිරැසක් එක්ක මුලින්ම බැලුවේ DVD එකක තිබුණු batman begins (2005). ඒකේ පටන්ගන්න කොටම සිංහල උපසිරැසි ගැන්වීම baiscope.lk කියලා තිබුණා.
ඉතින් කාලයක් ඔහොම ෆිල්ම්ස් බල බල ඉන්න කොට මටත් හිතුනා පොඩ්ඩක් හොයලා බලන්න. මේවා හදන්නෙ කොහොමද කියලා. හිතන තරම් ලේසි නැහැ. Google translated සබ් එකක් සහ උපසිරැසි ගැන්වීම් කරන site එකකින් ගන්නකොට ඒක අහසයි පොලවයි වගේ. 2021 ආස උනාට එතකොට මම ඉස්කෝලේ යන ළමයෙක්. ඉතින් ඒවත් එක්ක මේවට අතගහන්න හිතුනේ නෑ. දැන් පාසල් ජීවිතය අවසන් කරලා ගෙදරට වෙලා ඉන්න කෙටි කාලයේ Films, Tv Series බල බල ඉන්නකොට ආයෙත් අර ආසාව එලියට ආවා.
ඉතින් ෆිල්ම් එකක් හොයාගෙන ඒකට සිංහල උපසිරැසි හදලද නැද්ද බලලා තමයි ඔන්න වැඩේ පටන් ගත්තේ. මම දැනට ඉංග්‍රීසි චිත්‍රපට වලට විතරයි සබ් කරන්නේ. අනිත් ඒවා ගැනත් පස්සෙ බලමුකෝ.
පලවෙනි සබ් එක විදියට මේ FEED 2026 චිත්‍රපටයට මම සාධාරණයක් කරා කියලා මන් හිතනවා. අඩුපාඩු, විවේච්න, ප්‍රශංසා,සුබපැතුම් ආදි සියල්ල Comment එකක් විදියට එකතු කරන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
SUB-MAKER RATING BY ADMINS
[/box]




