මතකයන්ගේ සිහින ලෝකය..

ආයුබෝවන් හැමෝටම! ඔන්න අද මම අරගෙන ආවේ ගොඩක් දෙනෙක් ට මඟ හැරුණු, අතිශය සංවේදී ඒ වගේම අපූරු කතාවක් තියෙන දකුණු කොරියානු සිනමා සිත්තමක්. ඒ තමයි 2024 වසරේ නිකුත් වුණු “Wonderland”.
අපි හැමෝම ආදරය කරන අය අපිව දාලා ගියාම හරි, සදහටම අපෙන් ඈත් වුණාම හරි දැනෙන පාළුව, දුක වචනයෙන් කියන්න බැහැනේ. ඒත්… ඒ මියගිය අයට හරි, සිහිය නැතිව (Coma තත්ත්වයේ) ඉන්න අයට හරි කෘත්‍රිම බුද්ධිය (AI) හරහා නැවත ජීවය දීලා, වීඩියෝ කෝල් එකකින් එයාලත් එක්ක කතා කරන්න, හිනාවෙන්න පුළුවන් වුණොත් කොහොම තියේවිද? අන්න ඒ අපූරු සංකල්පය තමයි මේ චිත්‍රපටය පුරාවටම දිවෙන්නේ.
“Wonderland” කියන්නේ අහිමි වූ ආදරණීයයන් සමඟ වීඩියෝ ඇමතුම් හරහා නැවත සම්බන්ධ වීමට මිනිසුන්ට ඉඩ සලසා දෙන අතත්‍ය යථාර්ථය (Virtual Reality) සහ කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ විශේෂ සේවාවක්. තමන්ගේ සිහිය නොමැති පෙම්වතා වෙනුවෙන් මේ සේවාව ලබාගන්නා තරුණියක්, තමන් මිය ගිය බව තමන්ගේ කුඩා දියණියගෙන් වසන් කිරීමට මෙය භාවිතා කරන මවක් වැනි සංවේදී කතා කිහිපයක්ම මෙහි අන්තර්ගත වෙනවා. තාක්ෂණය කොතරම් දියුණු වුණත්, ඇත්තම ආදරය සහ බැඳීම් යන්ත්‍රයකට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මේ කතාව බලද්දී ඔයාලටත් හිතේවි.
මේ කතාවේ ප්‍රධාන චරිත විදිහට අපි කවුරුත් අතිශයින්ම ආදරේ කරන දකුණු කොරියානු තරු රැසක්ම එකතු වෙලා ඉන්නවා. Bae Suzy, Park Bo-gum, Choi Woo-shik, Jung Yu-mi වගේම ප්‍රවීණ චීන නිළි Tang Wei රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තමයි අපි කවුරුත් දන්න Gong Yoo ගේ විශේෂ රංගනයකුත් මේකේ බලාගන්න පුළුවන්. දකුණු කොරියානු නිර්මාණ සහ නළු නිළියන් ගැන උනන්දුවක් දක්වන ඔයාලට කිසිසේත්ම මඟහැරගන්න නරක නිර්මාණයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
චිත්‍රපටයේ විස්තර කෙටියෙන්:
චිත්‍රපටයේ නම: Wonderland (원더랜드) විකාශනය වූ වර්ෂය: 2024 කාණ්ඩය: Sci-Fi, Romance, Drama අධ්‍යක්ෂණය: Kim Tae-yong ප්‍රධාන රංගනය: Bae Suzy, Park Bo-gum, Tang Wei, Choi Woo-shik, Jung Yu-mi, Gong Yoo
එහෙනම් කතාව ගැන වැඩිය කියන්න යන්නේ නැහැ. ඔයාලම බලන්නකෝ මේ “Wonderland” සේවාව ඇතුළේ හැංගිලා තියෙන කඳුළු සහ සිනහව.

Comments