සැබෑ දේශපාලන යුද්ධයක්!

2026 වසරේ පුනි මස 25 දින තිරගත කල “Ananthan Kaadu” චිත්‍රපටය “ඇමේසන් ප්‍රයිම් වීඩීයෝ” ඔස්සේ නිකුත් වුණා. දේශපාලන කුමන්ත්‍රණ සහ ක්‍රියාදාම අතින් පරිපූර්ණ වූ “Period Political Action Thriller” ගණයට අයත් මෙම සිනමා නිර්මාණය, නිකුත් වූ දින සිටම ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමට සමත් වී. IMDb දර්ශකයේ 7.3 ක ඉහළ අගයක් ලබාගැනීමට හැකිවුණා.
මෙය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ “Tiyaan” වැනි සිනමාපට නිර්මාණය කළ දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වන ජියෙන් ක්‍රිෂ්ණකුමාර් විසිනි. මෙහි තිර රචනය සුප්‍රසිද්ධ “Lucifer” සහ “L2: Empuraan” වැනි දැවැන්ත බ්ලොක්බස්ටර් චිත්‍රපට රචනා කළ මුරලි ගෝපි විසින් සිදු කර ඇති අතර, ඔහු ද මෙහි සුවිශේෂී රංගනයක නිරත වෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා දමිළ සුපිරි නළු ආර්යා පණ පොවන අතර, ඔහුට අමතරව නිඛිලා විමල්, රෙජීනා කැසැන්ඩ්‍රා, සුනිල්, ඉන්ද්‍රන්ස් මෙන්ම විජයරාඝවන් ඇතුළු දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රබල නළු නිළියන් රැසක් සිය රංගන දායකත්වය සපයා ඇත.
චිත්‍රපටයේ කථා පුවත ගෙතී ඇත්තේ 1980 සහ 1990 දශකවල අගභාගයේදී කේරළයේ තිරුවානන්තපුරම් නගරයේ පැවති අර්බුදකාරී දේශපාලන හා සමාජයීය වටපිටාව මුල් කරගනිමිනි. ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් එතැනින් පලායන ඊළාම් දෙමළ විප්ලවවාදියෙකු වන වෙට්‍රිවෙල් කුමාරන් කේරළයේ දේශීය කුලී කල්ලි සහ මැරයන් සමඟ එකතු වන ආකාරයත්, පසුව ඔවුන් සියල්ලන්ටම පොදු වූ ප්‍රබල දේශපාලන සතුරෙකුට සහ බලධාරීන්ට එරෙහිව නැගී සිටින ආකාරයත් මෙයින් පෙන්වයි. දේශපාලන බල අරගල, පාවාදීම් මෙන්ම අනන්‍යතාවය උදෙසා කෙරෙන ජීවිත සටනක් සමඟින් දිවෙන මෙම නිර්මාණය, අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයකි.

Comments

September 5, 2026

Days of thunder (1990) movie එක දෙන්න පුලුවන්ද ???

September 6, 2026

ආපෝ මේක තනිකරම ලංකාවට විරුද්ධව ම ගාහාල තියන එකක් අපේ හමුදාව මෙච්චරම පහත් නෑ

September 10, 2026

මුල්ම fight එකේ අපේ army එක මෙහෙම කරා කියලා. බොරු මවාපාලා ඉන්දියාවෙ උන් අවුස්සන්න මු මේ ස්ක්‍රිප්ට් එක හදලා තියෙන්නේ

September 12, 2026

me kunu jara film eka lankawe tahanam karanna ona. meka lankawata karapu apahasayak. ai me ffile eka sinhalen pariwartanaya kare. meka ain karanna

September 12, 2026

me kunu jara film eka lankawe tahanam karanna ona. meka lankawata karapu apahasayak. ai me ffile eka sinhalen pariwartanaya kare. meka ain karanna