Cast
Go Full Cast Pageඅහිංසක පවුලක් විනාශ කර දැමූ නගරයේ සැබෑ බලවතා කවුද?
සිනමාලෝලී ඔබ සැමට සුභ දවසක් වේවා. අද අපි ඔයාලට අරගෙන ආවේ මලයාලම් සිනමා ක්ෂේත්රයේ දැවැන්තයින් කිහිපදෙනෙකුගේ එකතුවෙන් හැඩවුණු අලුත්ම නිර්මාණයක්. ඒ තමයි 2026 වසරේ තිරගත වූ ක්‍රියාදාම, අභිරහස් සහ Thriller ගණයට අයත් Varavu සිනමාපටය. දැනට IMDb දර්ශකයේ 5.2 ක අගයක් ලබාගෙන තියෙන. මෙහි අධ්‍යක්ෂණය සුපිරි මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Shaji Kailas විසින් සිදුකර ඇති අතර සුප්‍රසිද්ධ ලේඛක A.K. Sajan මෙහි තිරපිටපත ලියා තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා Joseph චිත්‍රපටයෙන් අපේ සිත් දිනාගත් Joju George සමඟින් දක්ෂ නළු Arjun Ashokan, Murali Gopy, සහ සුරූපී නිළි Saniya Iyappan ඇතුළු සුපිරි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
මේ කතාව ගෙතෙන්නේ කඳුකර ප්‍රදේශයක පිහිටි කුඩා නගරයක් වටායි. මෙහි ජීවත් වන බලවත් සහ සල්ලිකාර ප්‍රභූ පිරිසකගේ අත්තනෝමතික ක්‍රියා නිසා අහිංසක පවුලක් දරුණු ලෙස පීඩාවට පත් වෙනවා. අතීතයේ සිදුවූ එක්තරා අමිහිරි සහ ප්‍රචණ්ඩකාරී සිදුවීමක් නිසා පෝල්සන් නම් පුද්ගලයාට වසර ගණනාවක් හිරබත් කන්න සිද්ධ වෙනවා. වසර කිහිපයකට පසු දින 10ක කෙටි නිවාඩුවක් එහෙමත් නැත්නම් පැරෝල් ක්‍රමයට මොහු නැවත තමන්ගේ උපන්ගමට පැමිණෙන්නේ තමන්ගෙන් උදුරාගත් දේවල් වෙනුවෙන් පලිගැනීමේ චේතනාවෙන්. තමන්ට ද්‍රෝහි වූ පැරණි සතුරන් සහ නගරයේ සිටින දූෂිත බලවතුන් සොයා යන පෝල්සන්ගේ මේ භයානක ගමන කෙබඳු එකක් වෙයිද? ලේ වැගිරීම් සහ කුතුහලය පිරුණු මේ පළිගැනීමේ සටන ඇතුළේ සැඟවුණු දශක ගණනාවක රහස් සහ දූෂණ වැලක් අනාවරණය වන අයුරු ඔබට මෙහිදී බලාගන්න පුළුවන්.
එසේනම් ඔබට cinesubz.lk වෙබ් අඩවියෙන් මේ අපූරු සිනමාපටය සිංහල උපසිරැසි සහිත වීඩියෝව ලෙස දැන්ම නරඹන්න හෝ ඩවුන්ලෝඩ් කරගන්න කියා අපි ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. ජයවේවා!


