ousetrap (2026) කියන්නේ හරිම කුතුහලය තියෙන කොරියානු ටීවී කතාවක්.

මේකේ ප්‍රධාන චරිතය තමයි මූන්-ජේ. එයා එළියට බය නිසා ගෙදරටම වෙලා ඉන්න හිටපු ලියුම්කරුවෙක්. දවසක් උදේ නැගිටලා බලද්දී එයාට තේරෙනවා එයාගේ ෆෝන් එකවත්, බැංකු ගිණුම්වත්, අන්තිමට එයාගේ නමවත් එයාගේ නෙවෙයි කියලා. වෙන කෙනෙක් එයාගේ මුළු ජීවිතයම හොරකම් කරලා.

ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ, මූන්-ජේගේ පරණ යාළුවෙක් පලිගන්න හිතාගෙන ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා හරියටම මූන්-ජේගේ මුහුණම අරගෙන, මූන්-ජේගේ මුළු ජීවිතයම අල්ලගෙන තියෙනවා.

ඉතින් මූන්-ජේට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය ආපහු බේරගන්න, තමන් පස්සෙන් එන තවත් භයානක මිනිහෙක් එක්ක එකතු වෙලා මේ හොරා උස්පු කෙනාව හොයාගෙන යන්න. බය හිතෙන, හැබැයි හරිම ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් මේක.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ නිමාෂා රත්නාය​ක විසින්.

Comments