Cast
Go Full Cast Pageකොහොමද හැමෝටම ? අද මම අරන් ආවේ කොරියානු කතා රසිකයන් හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටපු, අලුත්ම අලුත් සුපිරි කතා මාලාවක ආරම්භය ගැන විස්තරයක්. අපි හැමෝම ආදරේ කරන, හුරතල් රංගනයට නමක් දිනාගත්ත Park Bo-young මේ පාර එන්නේ මීට කලින් කවදාවත් දැකපු නැති අමුතුම විදිහක චරිතයකින්. ඒ තමයි Disney+ හරහා නිකුත් වුණු “Gold Land” (2026).
ඔයාලා දන්නවා ඇති Park Bo-young කියන්නේ ගොඩක් වෙලාවට ආදරණීය, හුරතල් චරිත කරන නිළියක් කියලා. මේ කතාව ඇතුළේ ඇය ඒ හැමදේම අමතක කරලා, හරිම අඳුරු සහ ගැඹුරු රංගනයක් ඉදිරිපත් කරනවා. කතාවේ පළමු කොටස බැලුවාම ඔයාලට ඒක හොඳටම තේරෙයි.
කතාව ආරම්භ වෙන්නේ ගුවන් තොටුපළක ආරක්ෂක නිලධාරිනියක් විදිහට වැඩ කරන කිම් හී-ජූ (Park Bo-young) ගෙන්. ඇය ගොඩක් දුක් මහන්සියෙන් තමන්ගේ ජීවිතේ ගැටගහගන්න උත්සාහ කරන කෙනෙක්. ඇයට ඉන්නේ සහය නියමුවෙක් (Co-pilot) විදිහට වැඩ කරන පෙම්වතෙක්. නම ලී දෝ-ක්‍යුන්ග්. හැබැයි මේ පෙම්වතා හිතාගන්න බැරි විදිහේ ලොකු හොරකමකට පැටලෙනවා.
පළමු කොටසේ දකින්න ලැබෙන විදිහට, මේ දෙන්නාට අහම්බෙන් වගේ අයිති වෙනවා රත්තරන් කිලෝ දහයේ කුට්ටි 100කට වඩා තියෙන ලොකු පෙට්ටියක්! මේ රත්තරන් තොගයේ වටිනාකම කොරියානු වොන් බිලියන 150ක් (ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩියි). සාමාන්‍ය කෙල්ලෙක්ට මෙච්චර සල්ලියක් ලැබුණාම මොකක් වෙයිද?
හී-ජූ මුලින් බය වුණත්, ටික වෙලාවකින් ඇය ඇතුළේ ඉන්න “කෑදරකම” අවදි වෙන්න ගන්නවා. ඇය තීරණය කරනවා මේ රත්තරන් ටික කාටවත් දෙන්නේ නැහැ කියලා. හැබැයි මේ රත්තරන් පස්සේ පන්නන ලොකු අපරාධ කල්ලියකුත් ඉන්නවා. ඒ කල්ලියේ ප්‍රධානියෙක් විදිහට Lee Kwang-soo (අපි කවුරුත් දන්න ‘ලී ක්වන්ග්-සූ’) හරිම බියකරු විලන් කෙනෙක් විදිහට මේ කතාවේ පෙනී ඉන්නවා.
ඔයාලා සල්ලිවලට, රත්තරන්වලට මිනිස්සු කොයි තරම් දුරට තිරිසන් වෙනවාද කියලා බලන්න කැමති නම්, ඒ වගේම හොඳ Crime Thriller එකක් හොයනවා නම් “Gold Land” කියන්නේ මඟ නොහැරිය යුතුම කතාවක්.
















