Crushology 101 (2025) කියන්නේ ආදරය, විනෝදය සහ කුතුහලය පිරුණු සුපිරි කොරියන් ඩ්‍රාමා (K-Drama) එකක්.

කතාව යන්නේ ආදරය ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැති, ආදරේදී හැමතිස්සේම අනාගන්න කෙල්ලෙක් වටා. එයාට එකපාරටම තමන්ගේ කැම්පස් එකේ ඉන්න ජනප්‍රියම, ලස්සනම කොල්ලෙක් ගැන හිත යනවා. එයාට ලයික් එකක් දාගන්න බැරුව අසරණ වෙන මෙයාට, ආදරේ ගැන හැමදේම දන්නවා කියන අමුතු යාළුවෙක් හම්බෙනවා.

ඊට පස්සේ ඒ යාළුවා මෙයාට ආදරේ දිනාගන්න හැටි පියවරෙන් පියවර කියලා දෙන්න පටන්ගන්නවා. ඒ කියන්නේ “Crushology 101” කියන්නේ හරියට ආදරේ කරන හැටි උගන්වන පාඩම් මාලාවක් වගේ! හැබැයි මේ ප්ලෑන් එක ඇතුළේ වෙන නොසිතූ සිදුවීම්, විහිළු වැඩ සහ ආදර ත්‍රිකෝණ නිසා කතාව ගොඩක් රසවත් වෙනවා.

ඔයා Rom-Com (Romantic Comedy) සහ කැම්පස් ලයිෆ් එක පදනම් වුණු කොරියන් කතාවලට ආසයි නම්, කිසිම කම්මැැලිකමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් පට්ටම සීරීස් එකක් තමයි මේක!

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinneMX.lk උපසිරැසි අංශයේ සදිනි විසින්.

Comments

August 1, 2026

Thank you ♥️